සඳේ කැලුම්,

සඳේ කැලුම්,

චමින්ද ලියනගේ බලංගොඩ

අවපස අඳුරට ඉඩ දී පෙරූ කැලුම් හෙමින් නිවා අමාවකට සුයාමයේ සඳ සැතපෙනවා, අහස් ගඟේ සුනිල දියෙන් පැන් සනහා රෑ රැජිණය දුරින් ඉඳන් කලා මවා කිරණ බෙදනවා, තරු මල් නිල් අහස පුරා පුර පෝයට රටා වියා රණින් පෙරූ සඳ වතුරින් ලොව නහවනවා, සඳටම පෙම්බැඳි කඩුපුල් සුවඳ හලන රෑ කුමරියො නිදි නැතුවම රැය පුරාම සුවඳ සලනවා, සිසි වතකින් විහිදි කැලුම් ඔය උවනෙත් දුටිමි කලින් කවුළුව හැර දොරට එන්න යළි සසඳනවා. Photo Credit; Benjamin Voros
කවිය බලන්න