ඊයේ අද සහ හෙට - මතක අමතක.
ඉරට පුළුවන්ද පොළවට පිටුපෑම
සඳට හැකිවේද අහසින් වෙන්විම
මලට බැරිවෙවී බිඟු හැර පැවතිම
නුඹ සමුගත් නිසා තනිකඩ වී මම තාම .
හිතට තාම බැරිවිය හැරදා මතක
නෙතට දැනුන සතුටකි පියවර මතක
අපට උරුම කඳුළට හිමිකම හිතක
මුණිවත දරා නුඹ හිටියා දිගු කලක.
කාලය විසින් බොහෝ දේ වෙනසක් කළද
මාළ ගිරව් අහසද දුටු ඔබ මමද
බාලවියේ එරමිණියා ගෙඩි සුවඳ
ආයෙත් කවදද හමුවන්නේ සබඳ
කවිය බලන්න
