චාරිකාව
අරුනළු උදාවක පිනි මිණි කැට දියවී
මීදුම තුරුළුකර තුරු හිස මල් සැඟවී
බෑවුම් කඳු ශිඛර මැද නොම වී ලතැවී
උඩරට මැණික යන හැඩ, ගමනට පේවී
හෙමිහිට ඇදීයන, බිම්ගෙයි අඳුර කපා
දියණිය නිදයි තුරුළුව, හිස උරෙහි තබා
ප්‍රිය හිමි නෙතු සිරව තිරයේ සුහුරු සොබා
පෙම් ගීයක් අසමි, ගන්නට තනිය මකා
සෙයිලම් තරඟ බිම හෙමිහිට මඟ හැරුණී
සීතල සුළං රැළි, එක දෙක ඇඟ වැදුනී
සංකා විඩා කවුළුව පැන, මඟ වැටුණී
සෙංකඩගල මිහිර මල් සුවඳක එතුණී
කවිය බලන්න
