සූරිය වරුණ..

සූරිය වරුණ..

අනූ දෙල්තලාව ජෙරුසෙලම - ඊශ්‍රායල්

පෙරඹර දිගට අදි පතී... බියකරු තිමිර දුර ලතී.. පෙලපත රිවිඳු කුල පතී.. ගගනත සරන දින පතී... කොකුමෙන බොජුන ගෙන තොසා.. මුළු ලොව බබුලුවන යසා.......... පිරිපත දුරැර හැර නසා.............. රිවිපති නැගෙන හිර දිසා........... සියොතුන මියුරු රස වෙලා...... ගැයු කවි සුරිඳු දෙස බලා...... සියපත තුටින පෙති සලා... හිරු දෙවි නැමැද තුති කලා... සුරපුර ලෙසට සැම තනා... මිහිමව රුසිරු කර වනා.... ජය ජය ජයතු ජන මනා.. දිනකර ලොවම සර සනා.... (පාදයක් පිලිවෙලින් නගන තුනකින් හා ලගුවකින් ගුරකින් සමන්විතවේ ) Photo Credit; Dadee Aissa
කවිය බලන්න