මළ ගෙදර බලු රාළ

මළ ගෙදර බලු රාළ

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

නින්දා අස අසා අගුපිල්වල වැතිර බින්දා, කොලු කුරුට්ටෝ අත දඩු මුගුර කැන්දා මුදන් ආ අම්මා මා ගෙදර උන්දෑ ගොහින් ගමනක් අපි හැම අතැර කටුවා කාපු ඇග වට ගොම අතුල්ලා සිටුවා අව්වේ කිනිතුල්ලෝ උගුල්ලා ඇසුවා දොස්පරොස් කන් අඩි අගුල්ලා මෙව්වා සසර බන්ධන සරි කොහොල්ලා වල් බලු පෙලපතේ ඉපදුන මා නමට විල්ලුද පලස් ගෝනිය නමලා හැඩට මල් යහනක් කෙරූ අම්මේ නුඹ නමට සල් මල් හැලේ කොතෙකුත් ආ ගිය දෙවට ඇද පාමුලේ වකුටුව මා නිදන්නේ සඳ අමතමින් නෑයෝ ගී ගයන්නේ පොද වැසි වැටේ " උඹ නිදිදැයි " අසන්නේ කොද මල් මිටක් සඳ එලියේ අඩන්නේ. පිලියක් නැතිව මේකා කන්නේ කොහොම දවසක් නොවේ දිව රෑ ඇසුනේ බොහොම වටයක් කැරකිලා කට ගෑ බත් පතම සසරක් පුරා යලි හමුවේ දෝ මෙහෙම අහස ඉරාගෙන මහ වැසි වසින්නේ දවස නිමයි වේ ගඟ ගොඩ ගලන්නේ පලස දිගේ අදුරයි පා තබන්නේ කෙලෙස කවුද මගෙ බත් පත බෙදන්නේ. වලට පස් දමා උන් පිටුපා යනවා පෙලට හිටෙව් සුදු කොඩි කනු ගැලවෙනවා කනට පුරුදු නම අදුරේ මුමුනනවා නුඹට තනි රකින්නට අම්මේ මම එනවා 2025 / 11 / 25
කවිය බලන්න