අපි අපිමයි

අපි අපිමයි

කමණි කුමාරි සෙනෙවිරත්න

පන්සල පල්ලියෙ කෝවිලෙ නේක මලින් දෙවන සුවඳ! ඝණ්ඨාවත් සීනු හඬත් දෙන පණිවිඩ එකම නොවෙද? සෙත් පතනා දියර පොදත් ජීවය දෙන පැන්ම නොවෙද? මිනිස්කමේ ගුණ සුවඳට සීමා මායිම් කොහේද? සඳ දනීද පෙනෙනායුරු වෙනස් ලෙසින් බැතියෙන් හද පොල් ගෙඩියත් හඳුනාවිද කෑලි කැඩෙනයුරු පැතුමට මෘදංග නද ගැටබෙර හඬ කන්කළු ලෙස දෙවන මිහිර හුස්ම පොදට වටිනාකම් දෙනුහැර වෙන කුමන ඵලද මහා සුතුරෙ ගුණ බලයෙන් බොදු දනමන පහන් වුණේ භගවත් ගීතිකා තුළින් හරෝ හරා හඬ ඇසුණේ කුරානයේ නද ස්වරයෙන් දහස් දෙපා බිම නැමුණේ බයිබලයේ ගුණ මහිමෙන් බැති ගී හඬ රැව් දුන්නේ දිස්නෙ දෙවනා සිලික ඇත්තේ මඩකලපු සුදු වැල්ල ඇතුලේ දිදුලුවේ සේසත් තුළින් නොවැ කන්ද උඩරට පෙරහැරේ මෙවන් දහමක අරුත් බව නිති පසක් වුවහොත් දනන් අතරේ ජාති ආගම් භේද වියැකී සැඟව යනු ඇත සිතිජ ඉමයේ 2025.11.24
කවිය බලන්න