කිරුළ පෙරළා දමා

කිරුළ පෙරළා දමා

රුවන් ඩී අළුබෝමුල්ලගේ

පෙරළුවේ ලෙන් දොර පතාගෙන නිදහස රුදුරු වනපෙත පියා යන්නටය නගරයට පියාණෙනි නුඹ මරා පැතුවෙ රජකම නොවේ නුඹෙන් රැක ගනු පිණිස නුඹ පෙළුෑ දන එමට මට නුහුරු ඔටුන්නක් මගේ හිස මත වැටිණ තෘෂ්ණාව හෙමි හෙමින් දැනෙන්නට විය හිතට රජ ඉසුරු රජ බොජුන් වැඳ වැටෙන හුදී ජන නැගනියැයි කියා මේ අමතකව ගියා මට ගල් ලෙනේ සොයුරු පෙම වන පෙතේ මිනිස්කම මේ මිනිස්සුන් අතර නොදුටුවෙමි කිසිම විට අඳුරු ගල්ලෙන ඇතුළෙ තිබුණු නිදහස විඳිමි කිරුළ පෙරළා දමා වදිමි වන ගැබ තුළට
කවිය බලන්න