සුසිලයි මමයි සිසිරයි

සුසිලයි මමයි සිසිරයි

මාලිනී හෑගොඩ USA

සුසිලයි මමයි එක ළඟ එකම පන්තියේ එක ළඟ වුණත් ඈ හිටියෙ ගෑනු පේළියේ අපෙ ඇස් කී කතා සුළඟෙ ඔහේ පාවියේ වදනක් දොඩන්නට වත් ගටක් නැති වියේ සඳෙසක් ලියා මං සුසිලාගේ නමට සැළලිහිණියා වෙනුවට දුන්නෙ සිසිරට ලියුම නොගත් බව මට අකමැති කමට ඔහු කී දෙයින් මගෙ හිත රිදුණි හරියට දවසින් දවස කාලය පෙරට දිව ගියේ එක්පස පෙමක යදමින් මහද සිරවියේ සුසිලා දිනෙන් දින මා වෙතින් දුර ගියේ පාසල නිමාවී අප සැවොම වෙන් වියේ ගොළුහදවත දරාගෙන බරට මම මගේ යන විට ගමන රසයක් නැතිව දිවි මගේ ආරංචියක් නොලැබම සුපෙම් සුසිලගේ මග ඇර ගන්න බැරිවිය ඉඟිය කමලගේ කමලයි මමයි එක්වී දිනෙක නැකතක ජීවන ඔරුව පැදයන අතර දවසක ගමනක් යන අතර දුරබැහැර පෙදෙසක රථයේ ගමන නැවතුණි ළඟදි ගෙපැළක ගෙපැළේ මිදුල පොල් අත්තක රටාවට සොඳුරුය රෙදි වැලක රෙදි විය ලතාවට අඟනක් දුටිමි ඇගෙ මුව නොපෙනුණත් මට තෙත කෙස්වැටිය විසිරී තිබුණි දනිසට කුමකින් කුමක් කරමුද මේ නුහුරු බිම නගරය හුඟක් දුර බව මතක් කළෙ මම විමතිය බිය ඇඳුණි කමලාගෙ මුහුණෙම සැනෙකින් එළඳ ආවා අපේ ළඟටම හිතට හුරු බවක් දුන් උවනෙ හැඩයට හීන් විදුලියක් විහිදුණි පිට දිගට දැවුණි මහද මුව පිපි සිනා මඬලට සුසිලා ඔයා ඇයිදෝ මෙහේ දුරු රට කතා පෙළක් අප සැම අතරේ දිව්වා හදා ඈ දුන්නු තේ පැන් අපි බිව්වා කැඩුණු රථය හදනට තැනකට යැව්වා සිසිර ඒ වැඩට හරි දස්සයි කිව්වා! 2025 නොවැම්බර් 07 දින කැලිෆෝනියා හී දීය
කවිය බලන්න