මම තවම ඉන්නවා!
මට ඔබව පේනවා
මම එය හොදට දන්නවා
ඒත් මට කියන්නට බැහැ
මට වචන මතක නැති නිසා
මගේ හදවත කියනවා
එය පවසන්න කියා.......
මට අමතක වුනත්
මම තවම මා තුල ඉන්නවා
මට මාව නැතිවෙන්න
දෙන්නනම් එපා!
නැවතිල්ලේ අහන්න
මා දමා නොයන්න
ඔය සුන්දර සිනාව මට නැවත දෙන්න
මේ වචන මට හරි බරයි
මගේ මතකයට නොඑයි
මට අමතක වුනත්
මම තවම මා තුල ඉන්නවා
මට මාව නැතිවෙන්න
දෙන්නනම් එපා!
කවිය බලන්න
