ඈ දුන් දෑ

ඈ දුන් දෑ

සරත් කුමාර වික්‍රමගේ පානදුර

කිතුල් මල හිණැහේවි නුඹෙ වරළ දුන් රුවට බිඟුන් හැඩ වැඩි වේවි බෲ ලතා නැමි හැඩට තුති පුදයි අඩ සඳක් නළල අනුකර- ණයට සවන් පැහැ ගත් තෝඩු හාස ලයි රන් වලට. තඹරනක් මුසපත්ව නුඹේ වත දුන් සිරින් මහනෙලක් ඔදවත්ව දිගු නුවන් සම දිරින් පියුම් පෙති පැහැපත්ව මුඛ පද්ම රත- දරින් ගෙලෙන් ගෙන රුව මත්ව මුතුලතා තුති බරින්. රෝස පැහැ කම්මුලේ සෙව්වන්දි හැඩ කළා තිලකෙ ආඩම්බරව නළල පසුබිම් වෙලා කොඳ කැකුළු සුදිලේවි දසන් පැහැ ගෙන උලා මමද නුඹ දෙස බලමි ඒ අයට සැඟ- විලා. ලළිත බව දෑතෙ ඇති වළලු ගෙන ඔද වත්ව සුළැඟිල්ල හා ගැටී රජත මුදු සුව පත්ව සුවඳ ගත දැවටීම සුදු සේල මඳ මත්ව දෙනෙත් මා ලැබූ අද නුඹ නිසා දිරි මත්ව. සිරිවසක් හිනැහුණා හැඩය ගත් සිහි නිඟට මෙවුල්දම දිළිසුණා පුලුළුකුළු කම් පනට පරෙවි පා ගත්තේලු ඇගෙ දෙපාසිරි ණයට සියල්ලන් ගත් දෙයින් මම පත්මි විශ් මයට. වළලුකර හැඩවැඩම පා ජාල ගෙන බලනු නිය කැළුම් පා මුදුව ඇගෙන් ලැබ ඔය දිලෙනු පාදැඟිලි පිහිටීම නෙළුම් පෙති ගෙන පිපෙනු මගෙ හදත් ඇය දැකම පෙමින් මුසපත් කෙරුණු..!
කවිය බලන්න