දුටු නොදුටු

දුටු නොදුටු

මයුරි කොඩිකාර ගම්පහ

මෝරන කඩුපුලක් හිනැහෙන කණිසමට නාඹර මල් කෙමිත් කැළඹෙන මැදියමට සීතල හිමකැටිත් දියවෙන සිසිලසට කෝඩය නිමවෙමින් පිවිසුණි කරලියට දෙ අදර නතුව නෙතු පියවෙන ඇසිල්ලේ අරමුණ තිරව සළු විසුරුණි නිදැල්ලේ සිඹ සිඹ පොට්ටු කැලතුනි රස වැදිල්ලේ නිපුනෙකි නුඹත් කිතුලෙහි මල තැළිල්ලේ පසුකර නිම්න හා තෙත් බිම් මැද සානූ දඟකල දෙ අත නිලමත ඉඳුදුනු මෑනූ රසවිල කැලතෙමින් ගිලිහෙන විට නානූ කනකෙන් නිම වුවත් හැඬවිය හැක සීනූ බෙරපද තාලයට ලෙළදෙන මද්දලය දෙපසට නැටවුණේ ඉඟමත පද්දලය තිසරුන් ඉඟිකළේ උඩුකුරු රන්දලය සුසරව වෙණ වැයේ කෙඳිරිය නංවලය දියඹට වැදී හබලෙන් ඔරු කඳ පදින විටෙකදි චණ්ඩ මුත් මුදුබව මන බඳින තොටුපළ දුර වුවත් වෙහෙසද දුර ඇදින කිමිදෙයි රති ග⁣ඟේ දියවැල් දැන හැඳින පැතිරුණි වෙරළු මල් සුසුවඳ ඇසිල්ලෙන් සුසුමන් ගිලිහුණිය හසරැළි නැඟිල්ලෙන් තරුපති සැංගුනම ළයමත තුරුල්ලෙන් කඩුපුල හැකිලුනලු අලුයම ලැබි⁣ල්ලෙන්
කවිය බලන්න