ළමා විය

ළමා විය

චාන්දනී ආර් වේරගල මීගොඩ

වැසි ඇදවැටෙන තුරු මග බලමින් එළියේ කඩදහි ඔරු තනාගෙන එක එක ව්දියේ ගේ වට කාණු සොයමින් පා කර හැරියේ තෙමි තෙම් උනත් රස මිහිරියි ඒ දිවියේ වැහි බීරුමයි ඉර අව්වයි ඇති දාට දේදුනු නැගෙන තුරු අහසේ රන් පාට පොඩි ගවුමක් ඇඳන් විසිරුණු මල් පාට ලොවි බංකුවේ සිටියා සමහර දාට පොල්පිති ගොන්නු සිටියා සෙල්ලම් ගෙදර වැලි බත් මුට්ටි ඉදුනා උඩ පන් පැදුර පොල් කටු කෝං පිට්ටුව සැදුවා නිතර කොස් කොළ ඔටුනු ගැන තව කියනුම කවර කොලපත් කරත්තය හවුලට පැදපු හැටී ගස් බෙනවල කුරුළු බිත්තර සොයපු හැටී වෙල් නියරේ සරුංගල් ගෙන දුවපු හැටී දැන් දරුවන්ට ඒ සැනසුම නොමැති හැටී පෙති මාලය සැදුවෙ මයියොක්කා කොලයෙන් ගල් කැට විද්දෙ හදලා පොඩි කැටපලයෙන් පියනක් අරන් ව්දගෙන මලකඩ ඇණයෙන් ගැහුවම රීප්පෙක කැරකුණි ජිරි ජිරියෙන් චග්ගුඩු සෙල්ලමට දවසින් අඩක් මදි ටික් බෝලයට කොල්ලන් පෙරමුණේ හිඳී ඔන්ච්ලි නැගෙන විට අහසට සුරල් දිදී සුළඟේ තානයට කෙහෙරැලි මුහුණෙ වදී බට්ටා කොටුව ඇඳලා මිදුලේ කොනක කොලු කෙලි ලෙසින් බෙදුණා අපි පිල් දෙකක කොටු ලොකු වෙලා ඉරි පෑගී ගිය විටක පොඩි පොඩි හොර වැඩත් කල බවටයි මතක වී තම්බලා වී පැදුරක් වැනුවාම කපුටන් එළවීම අප සතු වගකීම කණ්ණඩි අටවලා උන් බය කෙරුවාම පැනගන්නට ලැබුණ කාටත් නොකියාම ගැහැණු ද පිරිමි මල් පලතුරු නම් ලීම තෝරන කව් කීම සහ ගම් කෙටවීම පටලා ඇඟිලි ඉන් මැදඟිලි ඇල්ලීම ගෙතුලත් කරන සෙල්ලම් තිබුණා බෝම කළු දං ගෙඩ් ද එල දං බලු දං මේවා ගේ ළඟ දං කැලේ ඉදුණා රස බෝවා ඇති පදමට කෑව දිව දම් පැහැ වූවා බිම් කඩ කැඩී විකිණී දැන් නැහැ මේවා වත්තේ පහල උතුරන ළිඳකින් නෑවා ඒ ළිඳ වටේ රස කටු ගෙඩි බෝ වූවා කොල පැහැ කීන ගෙඩි ඉදුනම කහ වූවා ආපසු ෂවර් ඒ ළිඳ නටඹුන් වූවා ඇස දිසි මානයේ නිල් කෙත් විසිර ගිය ගිරවුන් රෑන නද කරමින් ඉගිල ගිය තිත්තයො දඟ කරපු වක්කඩ පිරුණු දිය සුන්දර ගමක ගෙවුණා මගෙ ළමා විය
කවිය බලන්න