සොයුරු පෙම...!

සොයුරු පෙම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

කිසිම හිතක් පපුවක් නැති ගානට කපනව අද ගස්... දුසිම නොවේ දහස් ගණන්, ⁣දින දින කරනව කම්බස්... නැසුම මිනිස් දිවි එතුලින්, ඇරඹී වැදිලා වස් දොස්... විසුම පහසු නැත පෙරමෙන්, සොබා දහම ඇත වී රොස්... කාලගුණය විපරිතවී ඇත්තේ එනිසයි පැවසේ... ආලය කර මුදලට කැලයේ උන් නිතරම ගැවසේ... පාලනයක් නැතිවම කපනව ගස් ගණනක් දවසේ... ජාලය බලවත් හින්දම බලධාරින් නිදි සුවසේ... එසේ ඝාතනෙට ලක්වූ සොයුරු කැලක් පටවාගෙන... විසේ ඇතිව හරි වේගෙන් ආ ලොරියක් සැරදාගෙන... ගසේ වැදුනෙ, එම සොහොයුර වාඩුව තම ගත්තාමෙන... කෙසේ නමුත් සොබා දහම දී ඇත්තේ හඬවාමෙන...
කවිය බලන්න