බෝසතුන්
බෝ සතුන් වෙසෙනා දියත තුළ
මනු සතුන් බෝ වෙසෙති තැන තැන
යදම් ඉණි වැට අගුල් ලාගෙන
බෝ සතුන් හිමිකම් සොරාගෙන
මහත් අබිමන් හිත දරා ගෙන
ගියත් මග ඉව බව මරාගෙන
විකල් ලෝබය අැති මිනිස් ළඟ
අනෙක් සත් වග ගොලු වුණා වද
නොතිත් රංගන බණ දහම් මැද
හිඳිත් නොමැතිව ගුණ බිඳකුදුව
කිසිත් නිලතල නොමැති සතුනට
උතුම් පැවතුම් තිබෙයි සදහට.........
කවිය බලන්න
