තවම කියවන කවියක්
අරුත් පිරි මියුරු සර පදයකින් කැළතෙන
නෙතු පුරා නුරා කැන් අකුරකින් වෑහෙන
උරණ වදනකින් මුව අග්නි සැර පිටවෙන
නිමා නොවනා කවකි මා තවම කියවන
උරතලේ හිස හොවා තොඳොල් බස් දොඩවන
දෙදෙව්ලොව සක්රදුගෙ උරුවිසිය පරදන
රිදුනු සිත සනසවා යළි යළිත් පාරන
නිම නොකළ කවියක්ය තවම පද අමුණන
අකුරකින් අකුර ගෙන පද පේළි මුමුණන
වදන් ගෙන පෙළින් පෙළ සියක් රස උතුරන
සොම්නසත් දොම්නසත් එකවරට පුරවන
තවම මා කියවන කවියක්ය නොනිමෙන.
කවිය බලන්න
