යුද්ධයේ අසිරිය!

යුද්ධයේ අසිරිය!

ඔස්ටින් ප්‍රනාන්දු

මහ යුද්දෙ සිදුවෙද්දි පොඩි කොලුව මියැදෙද්දි රණ විරුවො බිහිවෙද්දි ජයගොසින් සැනසෙද්දි වීරකම් පොඩි කොලුගෙ මගේ සිත පුබුදද්දි උන් අතින් මළවුන්ගෙ මාපියන් වැලපෙද්දි සටන් බිම නිහඬ විය ‘සාමයක්’ උදාවිය. “උන්ගෙ වැලපුම්වලට පිලියම් ද බිහි වේවි එවිට අපෙ දොම්නස් ද නැති වේවි, දුරු වේවි.” අනේ මගෙ පොඩි එකා රුපු මරා කෙහෙලි ලා නයුවනට ලද නම්බු, නැත ඌට කිසිවක්. ඌටවත් ඌ මැරූ රුපුන්ටත් උනුන්ගේ අපේක්ෂාත් නොවිය කිසි සාක්ෂාත් ඉතින් මගේ කොලුවනේ කුමට යලි යුද්ධයක්? නොමැත ඉන් කිසි පලක් නොමැත ඉන් කිසි පලක්! Photo Credit; Stijn Swinnen
කවිය බලන්න