ඉන්ද්‍රඛීල
ගං දිය හැඩවුණේ වංගුවක්. ගනිද්දී
සද එළිය දිලිසුනේ අදුර ඉකි. බිදිද්දී
ගල් පිළිම නිමැවුණේ කළුගල් හඩද්දී
සුගන්ධය විහිදුණේ සදුන් තුර. මඩිද්දී
මුදු කුසුම ගිනි මලක් වී ලොව. දවද්දී
වැටෙන තැන පැලවෙන්න සිත දිරි ගනිද්දී
ආරාම සිතුවමක් විලස නූඹ. සිටිද්දී
නෑසුනිද හඩ බදුන දහස්වර. බිදෙද්දී
ලොවේ සිරිතට ඔහේ පෝරුවට. නගිද්දී
තෙමස් කළලය සිහිව හිස ගිනි. ගනිද්දී
පිරුවටය සරසන්න පෑල්ලමි. හොයද්දී
හිනැහුනා නුඹ...මා අගුල් මල් කියද්දී
හැඩකාර පවුල් ගහ...නමි පට. බැදෙද්දී
කුලූදුලේ පිපි මලට වාසගම්. ලියද්දී
හිරිවැටී අත ඇහැට කදුලක්. උනද්දී
මුත් සුනෙරගිර හිදී මුදු සිනා. පොදක්දී
Photo Credit; Melanie Rosillo Galvan
කවිය බලන්න
