නොඇසෙන බෝපත් සිලිය
පුරවනු පිණිස අඹුදරු සැමදෙනගෙ කුස
අරගෙන නෙළූ කුසුමන් නෙක සුවඳ යස
කරගෙන අලෙවි පිවිතුරු පැන් එමත ඉස
වරදක් නොදුටුවෙමි යොමුවුණි එදෙස ඇස
පුදබිම වෙළෙඳ කුටි ගහනය කඩිසරය
තරඟය කුසුම් අලෙවිය හරි ජරමරය
බුදු හිමි පුදනු කෙලෙසද හඬ තව සැරය
නිසසල සැදැහැ සිතුවිල්ලට කරදරය
කෙනෙකුට කෙනෙක් නොදෙවෙනි නිතරම වලිය
අතමිට හිඟ දනන් වෙත නම් කෙණෙහිලිය
තිලොවට තිලක සම්බුදු දහමක එලිය
මිලකට යටය නොඇසෙයි බෝපත් සිලිය
කවිය බලන්න
