සාදු සාදු අපිත් වඳිමු මුනි සිරිපා සමන්ගිර.....
ජය සිරිමා බෝ සමිඳුන් දඹදිව සිට වඩමවාගෙන
සඟමිත් මහා තෙරණිය හෙළදිව වැඩියදින
උඳුවප් පුර පසළොස්වක පෝයට ඇරඹෙන
මුනි සිරිපා වඳින වාරේ ඇත යළි සැපැමින
ජාතිබේද නැහැ ගෞතම මුනි සිරිපතුල වඳින්න
ආගම් බේද නැහැ බුදුහිමි සිරිපා නමඳින්න
සිරස තබා උත්තම මුනි ශ්‍රී පාද වඳින්න
රටවැසි ලෝවැසි දන එන සමයයි දැනගන්න
සම්බුදු ගෞතම සමිඳුන් හෙළදිව තෙවැනිවර
මණි අක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැළණි පුර
වැඩිඑදිනේ කළ ඇරයුම සුමන සමන් සුර
වැඩියේ මුනිඳුන් අඩවියට සමනොළ ගිර
වඳින්නට මතු සිය හිතවතුනට සිහිකර බුදුන්
ඉල්ලූවිට යමක් සුරිඳුන් එදා සුමන සමන්
තරණය කර සමනොළ ගිර මහකරුණාවෙන්
තැබුවේ වම් සිරිපා ඉඳුනිල් රුවන මතින්
ලොව සැරිසරන සුදු ඇත් වාහනය පිටින්
සමනොළ අඩවියට අධිපති සුරිඳු සමන්
අසා සදහම් ගෞතම මුනිගේ මුවින්
සෝථාපන්න වූවේ එදවස කැළණි බිමෙන්
ගෙවමින් යනගමනේ අප මේ බව සසර
පින්රැස්කරගන්න දැකුමට නිවන්දොර
බුදුහිමි දුටුව විලසින් තුන් සිත් පහන්කර
සාදු සාදු අපිත් වඳිමු මුනිසිරිපා සමන්ගිර
කවිය බලන්න
