පාපොච්චාරණ

පාපොච්චාරණ

ප්‍රියංගිකා බටගොඩ

ගන අඳුර දිව ඇවිත් වසා දැමු දෙඇස මුදු එළිය මත පැතුම හොවාගෙන ඉවස රස නොවුන සිල් පදය ඉකිබිඳින වෙහෙස නුඹ ඉවත ලූ පෙමට ලංසු සිය දහස ඉනු කිරට වෙලුම් පටි උහුල දුක් පහස කිරි සිහින මල් යාය ගිනිවද්ද මෙලෙස පිය ඔටුනු වල දමා සිරි යහන අලස අත හැරුණ ඒ සුවඳ සිහි නොවුනෙ කෙලෙස සළෙල නෙත් පිය හැරී යදින රොන් පහස කය මිසක සිත් රැහැන් දැඩි යදම් විලස කැණි මඩළ බුරුල් වූ බියකරුය පියස සවත් විදුරත් තිනෙත් නොහැලුවේ දිවැස හිත පතුළ හෙමින් විද ඇවිලෙනා ක්ලේස ගිනියම් ය නාස් පුඩු සුසුම් ගිල අහස ඉඳහිටක දිව ඇවිත් ස්වයං නිර්දෝස මම තවම එතැනමය දුන්නු බහ ගිවිස
කවිය බලන්න