ඒ තමයි වැස්ස
ඔබ.... කන්දක්
තැනි බිමේ හිටගෙන
හුදකලාවම කල් ගෙවුව
මම වලාකුළක්
විටින් විට විත්
හැපෙමින් ආදරය සෙව්ව
කඳු දෑත දිගු වුණේ නැහැ
බදා වැලඳගෙන
වලාකුළ රඳවගන්න
වලාකුළ ඇහුවේ නැහැ
අවසරද !
ඉවතක නොයා ළඟ රැඳෙන්න
ප්‍රේමයේ හැටි එහෙමයි
ඕනෑම තැනදී ගොළුවන
තනි තනිව විලිලා
මහා වැස්සක්ව ඇදහැලෙන
Photo Credit; Rodion Kutsaiev
කවිය බලන්න
