නත්තල් ගීතිකා ගයයි

නත්තල් ගීතිකා ගයයි

මාක් ඇන්ටනි කුමාරගේ

සිත් තුළ සාමයක් නැති කල අර්ථය කිම ද නත්තල වෛරයෙ සිතුම් හද තුළ දිදුළයි වගේ පිත්තල දිළිසෙන සැරසිළි එල්ලා ලස්සන එහි බලපල්ලා අයැදින දුගී මහල්ලා මහ මඟ සමඟ ය බල්ලා නත්තල් සාදය නියමයි සාමයෙ පැතුමන් ඉහළයි දුගීන් අමතක කෙරුමයි සමිඳු උපන් ගෙයි නැසුමයි දුගී පැලේ බතක් ඉදෙයි ඔවුන් ගැනත් අයෙක් සිතයි කුඩා ළමුන් සිනා සලයි නත්තල් ගීතිකා ගයයි මත් වී බමන මන සැරිසරනා සත්තු සාමය නසන උන් කයි කුණු මස් කොත්තු පාරේ තොටේ නිවසේ කොකු ඇද ගත්තු සැබැවින් මෙලෝ වසනා යකුගේ පුත්තු Photo Credit;Chad Madden
කවිය බලන්න