සිහින මායාව

සිහින මායාව

කළණ දිසානායක වින්ඩ්සර්, කැනඩාව

අලස වූ නිදිගත් මනස තුළ සිහින මායාවට ඇලී අත් දකී විවිධ වූ වින්දනයන් අවදි වූ මනස තුළ ඇත තවත් සිහිනයන් විවිධ වූ විවිධ වූ දකින දේ මේ මොහොතේ අසන දේ මේ මොහොතේ දැනෙන දේ මේ මොහොතේ අතීතය වේ ඊ ළඟ මොහෙතේ අතීතය සිහිනයකි සිහින වූ අතීතය අත් දකින මේ මොහොත පවතින මේ මොහොත වේ පදනම අනාගතයට අනාගත මායාව නොපවතින අනාගතය ගැන සිතයි නිරන්තර තවත් සිහිනයකි එය සැරිසරන සිහින ලොව මායාවකි නිරන්තර පමණමයි මේ මොහොත පවතින්නේ හැමදාම අතීතය මායාවකි සිහිනයකි මායාවකි සිහිනයකි අනාගතයත් පවතී මේ මොහොත පමණක් වටහා ගන්නට මෙවන් අවැසි වේ සිහි නුවණ Photo Credit; DODJI DJIBOM
කවිය බලන්න