හබ මැද්දෙන්
සත්තම් හඬකි සවනේ නිති රැව්දෙන්නේ
වාදයෙ පොර පිටිය නිවසේ රඟදෙන්නේ
සිත්තම් ඇඳි නමුත් අඳුරින් බොඳවෙන්නේ
පාඩම් පොතට හීනෙන් මං පිවිසෙන්නේ
කුස්සියෙ පිඟන් පියඹන පීරිසි වූවා
වැස්සියෙ නමින් මා ඉවතට විසි වූවා
යස්සියෙ වහන් කට කටු බස් පිට වූවා
පිස්සියෙ රුවින් අම්මා අනෙ හති ලෑවා
ගිනි වතුරට ම හැම සේසත දිය කරලා
දිනිසුරු නිවසෙ දිනු හැම සතුට ම මරලා
බිණි බේගල් පමණි දියුණුව රස කරලා
පෙනි පෙනි අපේ ජීවිත යන හැටි දිරලා
පාඨශාලාචාරිණී ,
හෝමාගම ම.ම.වි
කවිය බලන්න
