වේෂාන්තරනය
කිරිල්ලක්මි,
සවි වී නැති මුත් පියාපත්, හැර ආමි මව් පියස
සාගතය බැට දුන් වන්නිකරයෙන් මිදී
ඇහිඳ ගන්නට යව හාල් ඇබින්දක්
සනුහරේ පැටි පැටවු ගේ හිනා වෙනුවෙන්,
මඳකට ගිමන් හරිනු වස්,
කෙම් බිමක් යැයි සිතූ ඒ නිම්නය,
විදාරණ ය වන්නට පොපියමින් තිබූ යමහල් ය
පියාසැරි සුදෝ සුදු සළු හැඳි සලෙලු දන
බොර පැහැති හදවතින්, සිල් රකී කලල් දිය මත
කොවුල් ගී මුවග ය, නොමැත පායක ඉසිඹුව
සංචරණ සුවය නිරාමිස ලෙස විඳිමින්
වෙසතුරු සේම සමවැදි ව දැහැන් අස
දෙසනා අසත් දම, එය ම අදහන මූසිල රෑන් ය
මොනර නැටුමක ට වසඟ ව, මත් ව මදයෙන් ආතුරව
පිල් හැලුණු නිරුවත නොදකින අසරණ සෙබඩ වැලපුම් ය
තව බොහෝ විසූක දස්සන එමට ය .
දහදිය කඳුළු, නොවටිනා බොල් පිනි තරම් මිස
ජීවිතේ ලංසුව දැන් දැන් කිරෙන් බාලය
දැඩි කොට හිතම
පිළිමලුන් පිටු දැක නැගෙනු ද
දුබලව වැටී වැනසෙනු ද
එසේ නොව
වේෂාන්තරණය වීමි
කවිය බලන්න
