ගුරුතුමාගේ බණ ගෙදර
ගුරු පියාණ මියගිය දැන
තුන්මාසේ බණ කියවෙන
ගියත් එතැන ඔහු දෙසු ගුණ
වියැකී ගොස් තිබුණා මෙන
සෙනග ඇවිත් මිදුලෙ පිරුන
බණ අහන්න වැඩිය නොවුන
තේ වතුරට වන්ඩු කපන
තැන යුද්ධය ගමට ඇහෙන
කැරම් ගහති කාමර ගෙන
දාම් අදිති තව තැන තැන
මත් දියටද රිසි යම් දන
හොරගල් අහුලති ගැන ගැන
පුතාල සහ දූල දෙදෙන
එන අය පිළිගන්න දුවන
නෝනට මුත් කොහෙද නිවන
හාමුදුරුවො දහම් දෙසන
හිමි වැඩියා අවසන බණ
රෑ කෑමට පෝලිම් වුන
රහමෙර වැඩිවූ යම් දන
වලියක උන් උන් ගහ බැන
``මරණෙට මඟුලට දඟලන
යහපත් දේ අද වියැකෙන
සරල දැහැමි දිවි බැබලෙන``
ගුරුතුමාන දුන් ඔවදන?
කවිය බලන්න
