නිර්වාණ
පෙලුනු හිතලු ආසා මැද ගෙවනා දිවියේ ලතාව
දැනුනු සියලු රස පසුපස කෙලෙසක වලකමු සතාව
ඇලුණු බැඳුනු තැන කියවුන උරුම දුකක ඇති කතාව
මිදුනු යමෙකු ලොව ඇත්නම් ඉපදුනු අවසන් වතාව
බණ දහමක සිත යෙදුවත් අතගානා සේ අඳුරේ
අත හැරුමක සේයාවක් නොරැඳෙන තෙක් බව කතරේ
දුක පමණය නැවත නැවත ඉපදෙනවා අප මිතුරේ
මහ බලගතු අකුරු තුනක අරුත සොයනවා සසරේ
උත්සාහය පහසු නැතිය අවිද්‍යාව පවතින තුරු
චතුරාර්‍ය සත්‍යය විසඳුම දෙසුවා තිලොවග ගුරු
විශ්වාසම නෑදෑයෙකි ලොවට පෑයු තෙද රන් හිරු
සංසාරය කෙටි වන්නේ තරමටමය වීරිය පිරු
කවිය බලන්න
