මට නුඹේ ඉවසීම........

මට නුඹේ ඉවසීම........

මහාචාර්ය ඉන්දිකා තිලකුමාර Faculty of Dental Sciences, University of Peradeniya

වර්ණවත් දැවටුම් සෙමෙන් මුදා හැර තෑගි පොදි විවර කර බලනා නුඹ දිටිමි පිරික්සන්නට සිතුණි මට නුඹේ ඉවසීම මගේ පරපුරේ අබිමන දෝත දරා ලෙහි හොවා කිරි පොවා සනසනා නුඹ දිටිමි පිරික්සන්නට සිතුණි මට නුඹේ ඉවසීම ඈ සමඟ ඇගේ කඳුළු පිසදා ඈ යන්නටම ගියදා ඇගේ දෙන ළඟ කඳුළු සලනා නුඹ දිටිමි පිරික්සන්නට සිතුණි මට නුඹේ ඉවසීම ගිලන් ඇඳ ළඟ දැවටෙනා දිය පොදක් පොවනා නුඹ දිටිමි මම පිරික්සා අවසන් මිගාර මාතා නුඹ සමත් ඉ 4/7/25 Photo Credit; Farzin Yarahmadi
කවිය බලන්න