අදානි පර්යන්තයෙන් ඇමතුමක්

අදානි පර්යන්තයෙන් ඇමතුමක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

වෙරළේ කළු ගල්පර අතර රැඳී ඇති කොල රතු කොටු අත් දිග කමිසයක් විටින් විට දළ රළ ඒ මත වදින විට ඉන් මිදී යන්නට දඟලනු සේ පෙනේ වරාය පොලිසිය වෙත හරි කලබලෙන් අදානි පර්යන්තයෙන් හදිසි ඇමතුමක් - පෙනෙන මානයේ පාවෙමින් තිබෙන සිරුරක් දක්නට ඇතැයි දන්වා සිටිමින් ගාලු මුවදොර බැලුම් වෙළඳාමේ යන හැටේ වත්ත පැල්පත් නිවසක මවක් දරුවාටද හනික එන්නැයි හඬගාමින් සිය ස්කූටරය වෙත දිව යන සැඳෑවක් නිල් වන් ඩෙනිම් කලිසමක් හැඳ සිටින කෙසඟ තලෙළලු- අඩි පහක් පමණ උස කැරලි කෙස් උරහිස තෙක් වැඩුන මොහු රැය පහන් වන තුරුත් හඳුනගෙන නැත වෙළඳාම වෙලෙන්දියක් 20.11.2025
කවිය බලන්න