මා හිත හැදූ ඔබට...

මා හිත හැදූ ඔබට...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

නිමක් නැති තුරු තිබේ කාලෙකදි පත් හැලුව එයින් සමහරක් ඇති මල් පිපී පල දැරුව ගලා යන ජීවිතේ දිනක් සටහන් කෙරුව අද මිසක හෙට තවත් සිහිනයකි හිත පිරුව. මාවතක් ඇති ද පා නගා කිසිවෙකු නොගිය අහස් තලයක් කොයිද විහඟුන් ට තහනම් කෙරුව රැලි නගන සාගරේ මුමුණමින් ගතු කීව සුළඟ පමණයි ඇසුවෙ ඒ කතා වගකුත් නැතුව. නොපවතින දේදුන්නකත් පාට තැවරූව අන්ධකාරයේ මග සොයා යන්න හැටි කීව තාරකාවක් වෙලා හිත් අහසෙ පෑයූව දිදුලනා හිත් තිබේ හිනා එලි දැල්වූව. දුක ලඟම ඇති සතුට ගැනත් නිති දැන්වූව සිනාවක සුවය මිස නැත දිනක් පිටුපෑව ආදරේ ඔසු පොවා රිදුණු තැන් සැනසූව උන් තමයි දිරි දුන්නෙ හඟින්නට මට මාව!!! Photo Credit; Hoi An Photographer
කවිය බලන්න