ඔන්න ස්ත්‍රි:
ගැහැණිය කාන්තා මියුලැසි ලලනාව
ස්ත්‍රිය කබඳ මාගම ඈ මහිලාව
බවලත් පියඹ ලිය නාරිය වනිතාව
විලාසිනී ලිය ලඳ කත මිහිරාව
දොහොත් මුදුන් දී වදිනව අම්මාව
පුංචි නැන්ද ලොකුමවු මී ආච්චිව
නැගණිය සොහොයුරිය යෙහෙළිය අක්කාව
සිටුනු බැරිය නොකීවොතින් බිරියාව
වනිතා දිනිති තිරි සඳකැන් සොඳුරාව
දම්හෝ අල්මෝ දරකැන් තී මෙහෙලාව
දිගැසි ඇසී පිය තුනුවඟ අඟනාව
කියනෙමු එසේ තේරුම් ගන්නට බැරුව
Photo Credit; hosein zanbori
කවිය බලන්න
