රණවිරු බිරිඳක ගෙන්.

රණවිරු බිරිඳක ගෙන්.

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

පාලුව සමඟ ඉගිලී යයි සුසුම් වැටී තනිකම මා පෙළයි ගනඳුර සමඟ ගැටී දෙනයන රිදුම් දෙයි බොඳ කොට කඳුලු කැටී අදහනු නොහැක මෙය දෝ ලද දිවියේ හැටී. බස්සෙක් ඇවිත් පිළිකන්නේ ගසකහඬයි පොඩි පුතු අවදිවෙයි කෙඳිරිලි හඬ වැඩිවෙයි මැදියම ඇවිත් කණිසම විත් හදේ වදියි මම මා ළඟයි හිත මා තනිකර දිවයයි. ගනඳුර ගලනවිට හිතසනසන්න බැරී සිතුවිලි පිරෙන විට සිත පුපුරන්න සරී තනිකම තව තවත් නමි විඳගන්න බැරී සිහිනෙන් වත් ඇවිත් මා සනසන්න සිරී. දෑඟිලි රන්හුයෙන් බැඳ ආසිරි මැද්දෙන් ආ යුග දිවි ගමන් සෙනෙහස තුරුලුකරන් මැවු ඒ පැතුම් මාළිග සුණු විසුණු කරන් දෛවය හරස් වුයේ ඇයි නොපැතු ලෙසින්. ඔබ නැති දුකින් මියගිය ආදර අම්මා ඔබගේ සොහොන ළඟ මිහිදන් කොට දැම්මා ඔබෙ පිහිටෙන්ම ගෙපැලක් සාදා දැම්මා පතනෙමු ඔබට සරණයි සම්බුදු සම්මා. තනි මඟ තනිගමන් මට තාමත් නුහුරුයි නෑ සිය මිතුරු කැළ දැන් ටික ටික ඈතයි ගිජුමත් රකුස් නෙත් මා වටකර දැවටෙයි මේ හැම තව තවත් මගෙ දිවියට දිරිදෙයි. දහසක් අඩු ලුහුඬු කරදර විදින්නෙමි ඔබ පැතු විලස දු දරුවන් හදන් නෙමි රණවිරු බිරිඳකගෙ අභිමන් රකින් නෙමි රට දැය වෙනු වෙන්ම දිවි කැපකරන්නෙමි. පිසදා දුක්කඳුලු ලකඹර පෑල දොරින් දිනිසුරු උදාවෙයි සාමය සතුට බෙදන් දෙවිලොව උපන් කුමරා⁣ණෙනි නැමද බැතින් පතනෙමි මතු සසරෙ හමුවෙමු පුරුදු ලෙසින්,
කවිය බලන්න