සමගි බලේ...!
පවුලක දරුවන් අතරේ වෙනස් කම්ද බොහෝ වෙතේ...
දවුලක හඬ පරදා වදනුත් පිට
වෙයි තියෙන සිතේ...
හවුලක අගයක් දන්නෝ සමගිව දිවි ගෙවනු ඇතේ...
අවුලක සේයාවක් දුටුකල කලබල කරනු නැතේ...
අතක ඇඟිලි පහ ගතහොත් එකට එකක් වෙනස් වෙතේ...
පොතක තිබුණෙ නම්කරලා "දබර", "වෙදා", ලෙසින් ඇතේ...
මතකද ඔසවාපු යමක් තනිව ඇඟිල්ලකින් පුතේ...
සිතකට ගනු, අවම දෙකක්වත්
ඇති කල, ගැටලු නැතේ...
එනිස කියමි සමගිව වසනා කල එය සවිය දෙතේ...
දණිස නමන්නට සිදුවෙයි ඉවසුම නැති කලට පුතේ...
මිනිසට පමණක් ඇති බලෙ , සිතන්න මොලයකුත් වෙතේ...
පිණිස දියුණුවීම, ඉතින් ඒක ඇත්තෙ ඔබේ අතේ...
කවිය බලන්න
