සැඳැ කල...

සැඳැ කල...

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

සෙමෙන් පාවෙන වළාවන් විත් පැලැඹර සිට පෙළගැසී ගෙවු දිවියක මතක සටහන් නෙක්වනින් සිතුවම් වේවී සුවඳ විහිදෙයි ගෙපැල හැඩකොට සෙන්දිරික්කා මල් පීපී සොඳුරු රැකවල් සෙව් විහඟ ගී කෙමෙන් සවනින් යයි මැකී. උදාකල ගෙවු දිවාකල රැඟු දිවියේ දුක සැප නිමාවු ලැබුණ සරතැස විඩාබරගත සැදැ සමයට ළඟාවු ගලන ඝණදුර නොවැලකිය හැක ලොවම තිමිරෙන් වසාලු දිවියේ අරුතත් එයම වේයයි සොබාදම් මව කියාලු.
කවිය බලන්න