යථාර්ථය

යථාර්ථය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

කොතෙක් දිය ගැලූවත් මහ සයුර නොපිරේවි පිපුණු මල් පරවුණත් ගස එයින් නොහඬාවි තරු යාය සැගැවුණත් ‍සඳ කඳුළු නොසලාවි සඳ එළිය බොද වුණත් මහ පොළොව නොසැලේවි ---- සුළි සුළං හැමූවද මහා කඳු නොසැලෙතේ මහා වැසි වැටුණු මුත් අහස කම්පා නොවේ හිරු එළිය සැඩ වුණත් ඉර එයින් නොහඬාවි කවුරු ලොව මිය ගියත් යළිත් ඇස් නොසලාවි ---- අකුණු වැදුනිද කොතෙක් අකුණු සැර නොසැලේවි විදුලි සැර විහිදුනත් එළිය නිති නොරැදේවි ගෙරෙවුවත් කොයි තරම් අහස නිසලව ඇතේ හිරු ඇතත් සඳු ඇතත් නිලඹරට කම් නැතේ ---- පෑයු දේදුණු නිසා අහස ඇත පාඩුවේ ආව පසු සුනාමි මුහුද යළි සිනාවේ සැනින් සැන කාලයත් සැමදාම තිබේවි ව්ස්ව ශක්තිය සදා විස්වයේ රැදේවී ================ කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි ======================= 22/6/2025 0711481624 Photo credit;Zoltan Tasi
කවිය බලන්න