ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය

Category: සඳැස් කවි

වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය

කලාපය: 2024-April

වසරක් බලා සිටීමෙන් පසු උත්සවය පැමිණියේය
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

මම ආසාවෙන් හිටියා
බලන්න
සඳ
පුර සඳ
ඉන්ද්‍රජාලික

උත්සවය මතක් වෙයි
ලස්සන උදෑසනක්!
ලස්සන දවාලක් !
ලස්සන සන්ධ්‍යාවක්!
ලස්සන රාත්‍රියක්!

මම වර්ණ ගන්වන්ඩ
රටා මවයි අම්මා
පොල් අත්තෙන් අත්ත
මහන්සියෙන් ඉක්මනින්
වියමින්,

කොහෝ කොහෝ
උඹේ පුරුදු හඬ
මගේ සිත රිදවයි,
හිත් රිදවන්න එපා
මගේ යාලුවන්ගේ
කුරුල්ලනේ ඔබේ ප්‍රියතම පිහාටුව තෝරන්න!
තරු වැඩසටහනක් කරන්න
මට අමතක වෙන්න සියල්ල ,

කොදුරුවන් බලා සිටියි
කැවුම් කෑල්ලක් කන්න.

කොකිස් අච්චුව
විසිවුනා
තෙල් පැහෙන තාච්චියේ
ගිනිදැල්ලට උඩින්
අම්මාගේ අතින්,

මොන කම්පනයක්ද – මොන හදවතක් ද?

මගේ හදවත නාද විය
රබන් හඬ සමඟ,
පොල් ගෙඩි දෙකකට
කීයක් දෙයිද ?
අහස් කූරු .

එතකොටයි වසන්තය

කලාපය: 2024-April

තැනින් තැන සුදුපාට ඩේසි මල් පිපුනාට
කහපාට නිල්පාට තව තවත් පොඩි මලුත්
කොලපාට තණනිල්ලෙ තැනින් තැන මතුවුණත්
වසන්තය නැහැ තවම.
ගිම්හානෙ කුරිරුකම දරා ගන්නට බැරුව
මේ නොවෙයි යුක්තියැයි
සරත් කල සටන් කළ
එඩිතරම විරුවන්ගෙ ලේ වලින්
හිරු උදාවක මිහිර මේතමයි
සිසිරයේ සීතලට ගල්වෙච්ච එවුන්හට කියා දෙන
ලස්සනම ලස්සන රතුම රතු රතුපාට
පොපි මල්
පිපුනේම වසන්තයෙ හොඳම හොඳ මැද හරියෙ
පුදුම ලස්සන රතක්
ඒ අර ලේමයි.

05/03/24
Photo:Diana Parkhouse

පිදුම

කලාපය: 2024-April

කුරුලු බෙටි වැටී තුඟු තුරු මුඳුන් හිස
සඳැස් ගසේ පැළවුණ සරු පිළිල ලෙස
ඔහේ ලියන නිසඳැස් නම් පිළුණු මස
කවිය කියා සමහරු තලු මරති රස

වැලේ වැලට පත්තර සේ ලියා ගෙන
මෙලෝ රහක් නැති පොඩි පොඩි හෑලි වුණ
අනාගතේ කවි කිවිඳියො මුළා වෙන
සැබෑ කවිය ගැන අද කවියන්ට උණ

සී පද ලියන කියවන රසවිඳින හැම
ඒවා තාම අගයන අතළොස්සටම
දෝතේ මුඳුන් අත් බැඳ වැඳ සිඹිමි මම
දෑසේ කඳුළු ඇත දැක කවියෙ මළගම

ඒ තමයි …. ගෑණු

කලාපය: 2024-April

සියුම් සියුමැලි සුමුදු මල් පෙති
කෝල කම් පිරි හිනාවා
සඳට උපමා මලට උපමා
නිමක් නැති ආදර කතා
සියලු සියොලග රස මවාලා
ආදරය ඇති තරම් තවරන
ඒ තමයි මුලු ලොවම සුන්දර කරපු ඒ ගෑණු

ඉරට කලියෙන් සඳු ට පස්සෙන්
දවස ගැන කියවූ
මහ මෙරත් සෙලවෙන තරම් දිගු
සුසුම් හද රැන්දු
සිනහවක් වත දරා සැනෙකින්
තැවුල් හැම හැංගු
ඒ තමයි මුලු ලොවට ශක්තිය අරං ආ ගෑණු

තනිව තනි මඟ ඇවිද යන්නට
එකතු වූ හේතු
දරා තනිවම තමන් තනියෙන්
හිතින් විද ගත්තු
දැනුම් අවියෙන් රුපුන් සිද බිද
ගර්ජනා කරපූ
ඒ තමයි මුළු ලොවක් වසඟේ තබා ගත් ගෑණු

විශාකාවක් විටක බිම්බා ව වී වරෙක
අම්බපාලි සොයන යහනත සනසවා
නොපුරා ම සසරේ පාරමී ගුණ
ලෙය ත් දන් දී සැනහෙනා
ගෙදර දී මිස එයින් පිටදී
බුදු බවත් නොපැතූ
ඒ තමයි සංසාර ගමනේ දුක් නිවු ගෑණු…

අගකුරු සොයා

කලාපය: 2024-April

ගිලෙන කොට මළ මුහුද ඉරාගෙන හිරු
දිලෙන එළි පහන් යට රතු ඇඳන් තරු
මිදෙන බෝසත් දැහැන් යලි නිදන තුරු
රිදුන අත් තටු හිමින් ගැලෙව්වලු මෙරු

සිහින සිල්ලර මිලට වීදියෙම විකිණුනා
නග්න ඔල්වර නාද අඳුර හා එක්වුණා
බිඳින මල්වර හීන සංතකෙන් ගිළිහුණා
විඳින කරදර එමට හුස්මකින් පිටවුණා

ලියන නම අගට මට වාසගම නැති වෙච්චි
ඇඳින ගන්නට එකම සාදකය මෙය වෙච්චි
සිඳුන අත්තටු දෙකම අම්මගේ මම වෙච්චි
ඉතින් තව හොයනවා මුන් අතර අප්පච්චි

AnA 2024

Photo; Ashish Agrawal

නවමින් සිරස බැතියෙන් හිඳ දෙ අත් වඳී

කලාපය: 2024-April

පිපිමල් පොඩිවගේ නිවසක සිරිය අරා
සමනල් පැටවුසේ ගෙමිදුල එලියකරා
දුව පැන නටන විට දඟලන් සිනහදරා
දෙගුරුන් හිඳින්නැති හිත්තුළ සෙනෙහෙපුරා

එකෙකුට එකෙක් නම් නොදෙවෙනි වෙන්න ඇතී
සැර වැර වලින් යන්තම් පිරිමැහෙන්නැතී
හැඩවැඩ බලන් හිත් සතුටේ ගිලෙන්නැතී
පෙරමග සිහින හරි හරියට පුරන්නැතී

සුවඳැති කැකුළු හයකට පෙම බෙදමින්නේ
රැකවල් කරන් පුතු දෙපලත් පන සමිනේ
සුරපුර මැව්ව නිවසක සිරි සුව වරුනේ
මතකය සුවයි පෙරදා ලැබු රැකවරනේ

ඔසවනු විලස ලොවවෙත පය නොබිය ලෙසින්
දෙවමින හුරුව දරුකැළ හට නිතිව තොසින්
පෙරමග දකින නැණ නුවනින් බලා ඇසින්
හුරුකළ පියානෙණි ඔබවෙයි පවුර වෙසින්

යහගුණ කැව්ව ජීවිත තුළ පණ විලසින්
බෙදලා ආදරය හැමටම එකම ලෙසින්
කුරුළු කූඩු මවු රැජිනියෙ නුඹ එලෙසින්
මගපෙන්නුවේ අප හැමටම ටැඹ විලසින්

ගෙව්වත් වසර ගනනක් ඔබ තුරුලෙවැදී
අද ඔබ දෙපල මහපොලවේ සැතපි හිඳී
දකිනට නිවන් පතමින් අප සෙනෙහෙ රැඳී
නවමින් සිරස බැතියෙන් හිඳ දෙ අත් වඳී

වල මත සාජ්ජය

කලාපය: 2024-April

වල මත සාජ්ජය

අම්මා කෙනෙක් අලුයමින්
පිබිද බලයි වල මත හිද
පෙර පුරුද්ද විලස මෙලෙස
බලන කලට දකියි අවට
ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා

මල් තවම පරව නැති පෙර දිනෙහි වැලලූ වලෙන්
එකෙක් නැගිටියි ඈනුමක් හරිමින්
දෙඇස් පිසිමින් කඩයි නිදිගැට
ඒ අපේ උන්දෑ නොවැ!
රෑන ගිරා ජෝඩුවයි හාද වෙලා ආදරෙයි

තවත් වලකින් එකෙක් නැගිටියි
‘පස්සට පස්සට යමු යමු පස්සට’
ගමේ බසේ කොන්දොස්තර ඇවිත් වගේ කල් තියාම.
කවදාවත් ඉස්සරහට නොගිය කෙනෙක් නොවැ උන්දෑ.

හානේ අර එන්නෙ කවුද?
තවත් වලක් මතින් නැගිට සිංදුවකුත් කට ගාගෙන
දැකල පුරුදු නාකි සුද්දෙක්
පුරුතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා

වේල් දමා මල් ගවසා පුයර උලා හැඩ වීලා
රොමියෝ ජුලියට් වාගේ අත් පටලා මේ එන්නේ
අලුත බැදපු ජෝඩුවක්ද?
ආදරෙයි මම ආදරෙයි සුගත් තවමත් ආදරෙයි

වල මත හිද හති අරිමින්
විලංගු අත්, පාද යදම්
කදුළු ගෑස් ජල පහරින්
සකල රිදුම් පිරිමදිමින්
මේ එන්නේ තරුණ සිසුන්
කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා

පුංචි එකෙක් වල මත හිද
ගීයක් මුමුණයි තනියම
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ලමයි හෙම නොවේ අපි
අපට එහෙම කියා දීල
සේරම ගෙඩි උන් කඩාන
කන්න නැතුව හාමතේම
මැරිල ගිහින් උන්ගෙ පවට

කවුද බොලේ අර එන්නේ?
සුදට සුදේ උසට උසේ
සුදු කබාය සුදු කලිසම රතු ටයි එක
සිංදුවකුත් මුමුණ මුමුණ
අපෙ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ
අනේ දෙයියනේ!
අපේ ගමේ ප්‍රින්සිපල් නෙ
එයත් නැගිට වල මත හිද
‘මේ ළමයි කවුරුත් යන්නෑ කොහෙවත්
සද්ද නොකර ඉන්න ඕනෙ’
තරවටුවත් සමග සැවොම නිසොල්මනේ සැතපෙනවා
නැවත වලේ සදා කල්ම

ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ

අම්බපාලීලා ගේ පුලුළුකුල්

කලාපය: 2024-April

පුලින තල මැද ගිනි ගනිද්දී
දිනිසුරු ට හිමි වුණු දවස්
මුතුම පිණි පොද විසුරුවා හැර
සිහිල් කළ සොඳුරුම සවස්
හිසින් සන් කර ඉගිලි යන්නට
තැත් කරන පුන් තුඟු මනස්
සිප වැළඳ දිය කෙලින විල් මත
පිපුනි කොඳ මල් දස දහස්

පුළුල් උකුලක පහසු සයනෙක
නිදි වරා කල් මැරු දවස්
අගට එක් විය ළමැද තෙත් කළ
හසඟනන් හෙලු කිරි කලස්
වඩා හිඳ වූ අනවතප් තෙර
දුව පැන්න සුදු රාජ හස්
දෝත පුරවා දෙව් ලොවින් වැඩ
නිදයි සළමින් හිනා රැස්

රටා පිරි මැදි මිදුල හවසට
බලා සිටියට පා පහස්
නිශා කත පොරවද්දි සළුපිළි
කළුම පාට ට හුරු දවස්
පළල් කකුලක වැදී මැකෙනට
පිනක් කර නැති ඒ රහස්
කියා ගන්නට නොහැකි වී ඇත
ලතවෙනා සිතුවිලි සහස්

2024.03.08

මවි සෙනෙහසේ දායාද

කලාපය: 2024-April

සඳ තරු නිදි නොමැති ඝනදුරු අහස් ඉමේ
නොනිදන රැයේ නෙතුපිය කදුළකට නැමේ
මොහොතකටවත් තනි නොකරපු පැටව් ලැමේ
පිළ උඩ පැදුර මත සුසුමන් වාං දැමේ

තුන්පත් රටා මවමින් පන් පැදුරු වියා
නෙළමින් පලා කොළ සොයමින් දරට ගියා
මා දං හිඹුටු බෝවිටියා නෙරියෙ තියා
තවමත් දකිමි ඇලවෙන විට දෙනෙත පියා

පිටු පා ගියත් ලෝකය නොම නොසෙල් වෙතී
ලැබුවේ දුකම විතරයි කදුළකින් ගෙතී
ඇසුවත් නොයෙක් ගැරහුම් සිත රිදුම් කතී
තරහක් නොවේ අබැටක්වත් සිතින් සිතී

වැහැරුණු කොපුල් තල කදුළැලි සිපගද්දී
හදවත නැඟෙන සුසුමින් ළය ඇවිලෙද්දී
තම කුස නොපිරුණත් උන් කුස පුරවද්දී
උතුරා ගලයි සෙනෙහස සිත අස්වැද්දී

ඝන කළු වළා අතරින් රිංගා රහසේ
සඳ හෙමි හෙමින් සැඟවෙනවා දුර අහසේ
නුඹ ඉකි ගසා හඬනා කදුළක පහසේ
දැනිල ද කැකුළු මල් පෙති සැලුනේ රහසේ

වැටි වැටි දුවන විට විත් අත අල්ලාපූ
ඉකිබිඳ හැඬුවදා උකුලෙහි නලවාපූ
අඩියෙන් අඩිය පසු පස විත් දඟදාපූ
කෝ අද කොහිද දරුවෝ නුඹ සනසාපු

ගල උඩ පන්සලේ පෝදා සිල් රැක්කේ
බෙදුව ද දන් පිඬක් දරුවෝ නැත දැක්කේ
දොරකඩ ගහේ පොල් අමුණාගෙන කෙක්කේ
ඉක්මන් අඩි තියා පිටවුණි අරුමැක්කේ

සඟවා ළයේ සතපා මගෙ පණයි කියා
රැකගත් උනුත් අද පිටමං වෙලා ගියා
ලොවක් කොහිද අප වෙනුවෙන් ඉදිව තියා
මට ද මමත් අහිමි වු බව දහමේ ලියා

මමත්වය

කලාපය: 2024-April

යලි නොඑන අතීතය
මිය ඇදුනු අතීතය
යලිත් සිහියට මවා
නොලැබු දේ ගැන
නොසිතු දේ ගැන
පසු තැවිල්ලෙන්
දුක් විඳින මිනිසා

විසිරිලා බිඳෙන සිත
ලුහුබඳින මිරිගු සිත
නොසන්සිඳෙනා සිත
සසර සැරිසරන්නට
කම්සැපට මුලාවී
මමත්වය පොදි බැඳන්
ජිවිතේ මේ මොහොත
භවය බව නොදැනගෙන
සසර දිගු කරගනී

වියෝගය.

කලාපය: 2024-April

දිනකට වරක් දුමක් නැගි
පැල්පත තුල
මින් මතු….
සදහටම නිවෙනු ඇත
ඒ පහන් සිල.

පිල් කඩ වාඩිගෙන
මා වවුලන් ගණන් කර කර
කදෝකිමි සෙල්ලම් අතර
සැනසුනු පැටවුන්
යවා නින්දට
අඩ අඳුරේ නිස්කාන්සුවේ
සඳ එලිය උතුරා ගිය නිමේශයන්
නිවා සනසා දාහය
ගත සිත…
ඉතින් මතකයන් පමණය.

අව්වට ගිනියම් ව
වැස්සට තෙමි තෙමී
නොවෙනස්ව දරා ගත්
මහ ගල් පර්වතය
අදහන්න පුළුවන් ද
කඩා වැටුනු බව
කැණිමඬල හිස මතටම!!

පිච්චිලා කරවෙලා
මිටියට තැලෙද්දිත්
කෙඳිරියක් වත් නොනැගි ගල් කැට….
ඔහේ බලාගත් අත බලාගෙන
ඉන්නවා බලාගෙන ඉන්න බෑ තව.

හිත කීරි ගැහුනත්
ඒ දවස
ඈතින් රැව් දෙන
ගල් බෝරේ … ගල් බෝරේ…
දෝංකාරයට..

ඒ වචනවල
තැවරුණු ගිනි සිසිල
මේ තරම් නම් බරට
දැනුනේ නෑ කවදාවත්
අද වගේ පපුවට.

සමා අවසර හිමියනේ
මතක බණ දෙසුවට
අද නම් එකම බණ පදයක් වත්
මතක නෑ මට!!

අත්හැරිම

කලාපය: 2024-April

අල්ල ගත්තත් තදින් සිතුවිලි
සතුට ලඟ පිරි සුවහස
වැල්ල පසුකර දුවන රළ මෙනි
සිතට තිබුනද නිදහස
රැයක් උදයක් පවා වෙහෙසී
ලැබුනු තැන් වල මදහස
අනේ නැතිවුන වාර අපමණ
අපි සොයන ඒ සෙනෙහස

දුකක් මෙය නම් සසර ගමනේ
කරුමයකි මේ කැරකෙන
වෙරක් කර මා මගෙම කර ගත්
කයකි ඇස මත රැවටෙන
පසක් කරගත් දෙයක් නොවුනත්
මනස ඇතුලේ දැවටෙන
හුඟක් තැන්වල මුලින් සැනසුන
අගක කඳුලක් ගිණිගෙන

පුරුද්දක් නැති උනත් හද තුල
විඳවනා බව හිතන්න
හුරුකලොත් මේ සිතම දවසක
බොරුව ඇතුලෙන් නිවන්න
වැටහුනොත් අපි ඇත්ත කවදත්
හරිම විදිහට දකින්න
අල්ලගන්නට කලින් මොහොතක්
හිතෙයි හැරිලා බලන්න

යෞවනියගේ ප්‍රථම ආලිංගනය

කලාපය: 2024-April

දෑ….ස වසා… ගමි
නුඹේ.. දෑතට සිර වෙමි
තබා සවනත
නුඹේ ළය මත
ගැහෙන රා..වය අසා ඉන්නම්

මේ… මිහිරිත ම වෙලාවයි
සුසුම කොපුල ම දවයි
මහද වෙණ නැළැවෙයි
ඒ නැඟෙන හඬ ඇහෙනව ද

අවදි නොම වී ……
නිදැල්ලේ.. යමි
දුර ඈ..ත ….අර අනන්තය වෙත
තබා…. මගෙ හිස
නුඹේ….. ළය මත
හාදු වැස්සට තෙමෙන්නම්
ලවන් මී.. විත දෙන්නම්

එපා…. මට මේ ගමන තනි මඟ
සිර කරනව ද සදහට
නුඹේ සිරගේ….. මාව

29-03-2020

ප්‍රථම ආලිංගනය
යෞවනිය ට
යථාර්ථයෙන් හා තර්කයෙන්
එපිට මිහිරි සිහිනයකි

A Legend of POMPEII

කලාපය: 2024-April

Young warrior returns home to visit his pregnant love – a Report heading

Far echoed dust wrapped iron body young

Saddled to his home

White stallion mimicked his weary unsettlements

Wounded blotches on one of his face

Opened to the stealthy sun shining above

Celebrations and Celebrations everywhere!!

wine all over the night till dawn

All stood under custody of his finger tips

Ransoms will be delivered to the motherland

A barking sky like a rogue, quite unusual

For a warrior like him

If dedications were to face an enemy in the field

It seemed a judgment day for all

With the roaring boulders sunk in their life

The warrior and his swollen bellied wife

Slept under a cover of ashes and melted lava

Unmoved with a hand hung smoothly but tightly

on his child unborn

Photo credit ; Iwona Castiello d’Antonio

දෙන්නා දෙමහල්ලෝ

කලාපය: 2024-April

ගොරවන අහස අකුණක් පොළවට එව්වා
ඔරවන මුහුණ තරහව හොඳහැටි කිව්වා
නොදොඩන මුවෙහි තතු නෙත මතුපිට ලිව්වා
නොදනිමි කාට කියමිද ඇත්තට මේව්වා

කියවන අකුරු අතරේ වැරදිම දැකලා
ලියවෙන වචන අස්සෙත් ඇදකුද කියලා
යන එන මගදි හමුවෙන නරකම හොයලා
පවසන එකම වැරදියි බැලුවම හිතලා

රිදුනම හිතක් එක එක දේ කියෝගෙන
දැනුනම දුකක් තව තව එය සඟෝගෙන
පුදුමම දෙයක් යන හැටි හැම මැකීගෙන
ඉදුනම බතක් ලිප මත ගිනි දරාගෙන

අද කෝ මගෙ තැන

කලාපය: 2024-April

පෙරකල ; යනෙන විට ලොකු අය___ ගිය පාර
මා දැවටුනා අතඟිලි’තර _____දඟකාර
විදුබිම තුළදි නිරතුරුවම ___කර, වීර
පොත් තුල තැබුවෙ සටහන් සැම ______අතනෑර

ඔබ මට සුහඳ වී සිටි හැටි මතකෙ ____ඇදි
සතුටයි එන්නෙ ඒ මොහොතට හදට ____ඇඳී
නිල් කළු නොයෙක ලෙසි මෙහෙවර පුදන____ ලදී
කලගුණ සලකන්න ලද ඉඩහසර___ මදි

පෑවත් හපන්කම් හෙළබස ළඟ___ රිස්සේ
ඒවන් සතුට පෙර යුග යුග___ ඔස්සේ
නෑ මේවෙද්දි නව දියුණුවකට ___පස්සේ
කීමට දුකයි මා දැන් අහු මුළු ___අස්සේ

අණසක පතුරුවා තම තම සිතුව ____ලෙසේ
පරදෙස් මිනිස් කැළ ගැන ඉතිහාසෙ__ඇසේ
හිටුවා පණැ’ති පිරිසක් ලක් මවට තොසේ
පෑ පෙළහරට මුල් වුන ඔබෙ සවිය __දිසේ

නංවාලමින් ජාතික ,ගැදි පැඳි වලට
ජීවය ලබා දුන්නෙමි මට හැකි ලෙසට
ආයෙත් කලක් ආවොත් පෙර විලසකට
අස්වද්දන්නෙමිය රස ගුණ දෑ පොත පතට

සඳ වතුර

කලාපය: 2024-April

විඳිමි මේ සොඳුරු බව
රැය කෙතරම් අන්තරායකර වුවද
කාට නම් නවතනු හැකිද
මේ සඳ වතුර?

කාල වලාවක ඇළී
සඳ සැඟවි නිදිබරව
එහෙත් මේ සඳ වතුර
කෙසේ නම් වැගිරේ ද?

හීල් වී මහ පොළව
ගහ වැල ද නිහඬ ය
සඳ වතුරෙ දියවෙලා
නිදා වැටෙනා අරුම
එහෙත් දුර කඳු ගැටේ
දැල්වෙ තව එළියක් ද
හුදෙකලාවේ ඔහේ
සඳ වතුර ඇවිළේ ද?

සඳ වතුරේ පෙඟී ගිය
අර පේන නිවහනේ
සිහින දකිනුයේ කවුද ?

ළඳු දිගේ කඳු දිගේ
ගලා එයි සඳ වතුර
මගෙ ඇහේ
මගෙ වතේ
මගෙ හිතෙත්
සඳ වතුර.

පුටුව පැනයක් අහනවා

කලාපය: 2024-April

බදා ගෙන පොත අකුරු කල තැන පුටුව තාමත් තියෙනවා
සිදාදිය හැර කලාතුරකින් පැමිනියත් බර දරනවා
එදා උත්තර ලියපු මං දැං ප්‍රශ්න පත්තර හදනවා
සදා නිහඩව පුටුව උත්තර නොමැති පැනයක් අහනවා

මිය ගිය අවුරුද්ද

කලාපය: 2024-April

කොහා හිටි අතක් නෑ අත්තක් ම බැලූ කල
කැවුම් කිරි බතක් නෑ ලිග්ගලේ මකුණු දැල
හිරමනේ හඬක් නෑ ගල් ගැහී බිත්ති මුල
බඩේ ගිනි දැවෙනවා බක් මහේ අකුණු සැර

මලක් එරබදු කොයි ද? ඉනි වැටක් අසල නැත
රබන් පද හඬ කොයි ද? බෆල් හඬ තලන කල
පලක් නෑ ආදරේ නැතුව බටනලා හඬ
ඒ නිසා මිය ගිහිං අපේකම දැණුනු සිත

නිතරම අහන ප්‍රශ්නය-

කලාපය: 2024-March

නිතරම අහන ප්‍රශ්නය-
සුරංගනා කතා, සමනල්ලු , නිල් අහස ඇර වෙන දේවල් ලියන්නෙ නැද්ද ?

ඇහි දොර අරින තැන් සිට මෙහි දුකම ඇතී
ඉහිලුම නොදෙන තරමට නෙක රුදුරු වෙතී
මිහි සාරෙන් උරාගත් ඉරිතැලුම් නිතී
පිහි තුඩු උඩින් මල් ලෑවට වරද නැතී

බත් ඇති තැනට ලැබෙනව නම් කොසුත් හොඳ
හිත් පෑරෙනා ලෙස ඇත්නම් කඳුළු කඳ
සත් සිය වරක් කවි කෙරුවට ඵල වෙත්ද
නෙත් ඇර සිහිනයක් දැක්කම හොඳ නැද්ද

දුක ඇති අය ඇයිද මේ දුක උඩට අරන්
නෙක විට දෝස කරවති ගිනි හඬ පුපුරන්
එක පරපුරින් අහවර කොට මේ නපුරන්
දුක නසමී මවා මොහොතක මායාවන්

ගලනා බැවින් දිගටම ගං දිය දහර
පිපෙනා බැවින් අතු අග රත් මැයි මාර
දකිනා බැවින් බැමි එපිටින් තිරසාර
නොමනා දේම පබඳිමි මායාකාර

විහඟුන් ගුමන රන් වාටිය පියාපතේ
නොදනින් මෙවන් කටු ඉති නෙක ඇලී ගතේ
ගණනින් සැටක් යන්තම් ඇති මෙජීවිතේ
පුරමින් මැදුම් වත සිපගනු සොබා වතේ

අවසරය තවම ඇත

කලාපය: 2024-March

තනියම

කලාපය: 2024-March

හිරු එළියකින් මීදුම පහවෙන පරිදී
සැණකෙළි මතක නිමවිය අඳුරට ඉඩ දී
සළුපිළි පැලඳි සෙනෙහස පෝරුව මතදී
නවදැලිහේන ලෙස අළු වී ඇත ළඟදී

තනිවුණ ගෙදර දොර උළුවහු හැම දේම
වැලපෙන සොඳුරු නටබුන් ලෙස වෙයි තාම
දවසට දෙකට වැහැරුණ අත පය පෙනුම
වයසට වැඩිය මහලුව ගිය හැටි පුදුම

කුසගිනි ඇතත් නොගිලෙන උගුරෙන් පහළ
නිසි පිළිසරණ නොදැනෙයි කිසිවෙකු අසල
දිරි ගමි මුහුණ දෙන්නට සඟවා කඳුළ
නොපතමි නපුර බැස ගිය මුත් සඳ මඬල

බර්මියුඩා ජිවිත

කලාපය: 2024-March

මිල මුදල්වලින් පිරවුවද,
බලය, නිලය, වස්තුන් රැස්කර පිරවුවද.
කිසිවකින් පිරවිය නොහැකි
බර්මියුඩා ජිවිතයක්
සැම මිනිස් මනස්
අභ්‍යන්තරයකම
චක්‍රයක් බදුව,
කලින් කලට
නැවුම් වි,
සෙවනැල්ලක් බදුව
පිටුපසම ලුහුබදි.

නා.ලා

‘Who will call me Dad again’ -Dr Manjula Dilkushi Silva High Wycombe

කලාපය: 2024-March

This was written based on a BBC news I saw yesterday 27/02/24. A fathers pain after loosing 3 daughters, wife and relatives.

Three roses were blooming beyond many fences,
With the kisses of dewdrops on the petals in the dusk.
They were shining beautifully in the dawn of sunrise,
Fluttering in the gentle breeze,
As if waving to me, asking to come near.

Suddenly, a blustery wind of jealousy,
Hatred, or something else, blew over,
Because it could not bear these trees growing nicer.
In a moment, my roses were ruined in a fume,
Roots, flowers, even buds were destroyed without humour.

My entire life was shattered into pieces,
Hundreds of trees, flowers, and buds were taken.
Fumes are flying over, the grey sky is grieving forever.
‘Who will call me Dad’ again, I ask from you forever and ever.

UK

සොයමි සතුට

කලාපය: 2024-March

පියඹා ගියා මනසින් අද නොයෙක තැන
සොයමි කිමඳ යයි පැහැදිලි නෑ තවම
ගසක රිකිලි මැද තුරුලිය රැඳන තැන
සුවඳ පියුම ලඟ, බමරුන් සොයන රොන.

එතැනින් පියඹ යමි නිල්වන් සයුර ඉම
විඳිමින් හමන සිසිලස රැලි සමඟ එන
නෙත ගත සුවය ලද කිමදැයි සොයනු මම
තවමත් නොපැහැදිලි යමි, එතනින් නික්ම

දසමස කුස රැඳු සුරතල් දියනි පෙම
නැතිනම් සුරුබුහුටි මුණුබුර දුටුව සම
අඩ ශතකයක් ගෙවු සැමි ලඟ සොයමි මම
නැත, යලි පියබ යමි සොයමින් යෙහෙලි සැම.

මතකයි සිනහබර සමයක් ගෙවූ සඳ
ලැබුනා සැම විටම සුවයක් ගයන සඳ
ආදර හැඟුම් පුදනා සිසුවන් සමඟ
සතුටක් ඇතත්, නැහැ සොයනා දෑ නිබඳ.

හැරුනා යන්ට ඈතට කෙලි සම වෙතට
මව් පිය සොදුරු බස ආච්චිගෙ තුරුලෙ සිට
සෙව්වා සෑම තැන, දැනුනා යම් සතුට
ලැබුන සැනින් සුනුවිය, අනෙ
රිදුනි මට.

සොයනා යමක් ඇත්තේ කුණ කය තුලද?
නැතිනම් ගෙවී යන කාලයෙ සැඟවිලද?
මොහොතින් නගින බසිනා සිතිවිලි ලඟද?
නැත, එය ඇත්තෙ නොපෙනෙන සිත තුල නොවෙද?

පුරුෂ වෘත

කලාපය: 2024-March

තබා හිස උර මත
නිදන විට නුඹ
නොදකිමි සිහින මම
නොනිදමි මම
දිවි ගෙවමි
සැබෑ මොහොතක

තබා හිස උර මත
නිදන විට නුඹ
ගනිමි නුඹ හිස බර මතු නොව
නුඹ හදෙහි හැම බර
සෙනෙහසින්

එහෙත් නුඹ
අවදිව යළි
බලා ඔය දෙනෙතින්
සෙනෙහසින්
මදකට මා ළඟ රැකවරණයට තැබූ
රැගෙන යයි ඒ බර යළිත්
නොවිමසා කිසිවක්

නිහඬවම සිටිමි මම
නොකියාම මා සිත
උකටලීවම
නොඉල්ලා ඒ බර බෙදා ගන්නට
යන තුරුම නොපෙනී නුඹ
යළිත් හෙට එන තුරු
හිස හොවා නිදන්නට මා උර මත

එතෙක්
සිහින දකිමි මම
බෙදාගන්නට
නුඹට වැඩි බර …..

(මාර්තු 8 කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 9 සිහිනයෙන් අවදිව ලියමි)

තුරු හිසින නික්මී කාව්‍ය සංග්‍රහයෙන් – 2023

ඇරයුම ලදින්…….

කලාපය: 2024-March

ඇරයුම ලදින් සිත ඉපිලුනි සතුටු සයුරු තෙරේයා

විසල් මහා රුක් පියසක සිහිල දැනුනි හදේයා

හවස 3 ට මං ආවත් යන්නේ කෝම තැවේයා

දෙවියනි මටත් වරයක් දෙනු පුදට බාර කැපේයා

කිරිදිවැල ට ගවු සියයක දුර දැනෙනෙ

තනි මඟ තනිව රෑ පානට බිය ගෙනෙන

හදවත එවා මගේ සුසුමක් දවටා බරට

තුති මල් පුද කරමි මට ඇරයුම දුන්නාට

සුනිල් මැතිද හා නන්දා මැතිනි සඳ

යුගයක ඉසි වරුන් විය හද බැති පෙමින

ඔබ නුග රුකකි දස අත සිසිලස සදන

හද පුදසුනේ හිදුවා මේ හැම මල් පුදමි මම!!!

ජීවිතයේ හොඳම හමුව

කලාපය: 2024-March

එදත් සියුමැලි හදවතින් නිති ආදරය පුරවලා හැමුව
හඳත් පැරදුනු වාර බෝමැයි අහින්සක කම මුවේ තිබුව
මතක් වෙනකොට තාම කම්මුල් දෑල කඳුලැල් වලින් තෙමුව
අදත් නුඹ විතරමයි මගෙ ජීවිතේ හමු වූ හොඳම හමුව

හීන ඔක්කොම බොඳවෙලා ගොස් තනිකමෙන් දිවි ගෙවෙනවා
ඒත් නුඹ ගැන මතක අමතක නොකර ඉන්නත් හිතෙනවා
නොයෙන බැව් දැන ගෙනම හදවතෙ ගැඹුරු තැන ඉකි බිඳිනවා
තාම ඉඳහිට පාර අද්දර දෑස සක්මන් කරනවා

සාස්තරේ

කලාපය: 2024-March

වැස්සක තිබෙන හීතල
මද්දහන ගිල දමන බව
උදෑසන හිරු කිරණ
රාත්‍රිය බිලි ගන්න වග
ඇය මට කියා තිබුණා…

පොම්පෙයි නගරයෙත්
දෙවොලක් අතුරුදන් වූ බව
ඇය මට තව දිනෙක කීවා…

ගිනි කඳු ඉතා භයානක බව
විසූවියස් අද්දරින්
දෙවොලේ සුන් බුන් හමුවූ බව
දෑස් පියන් ලොකු කරන් කීවා..
ආදරෙත් ඒ දෙවොල සේ
අතුරුදන් වන වග කියමින්
අනතුරු ඇඟවූවා…

ඉක්මනින් එන අය
ඉක්මනින් යන වග කියමින්
සමහර අහඹු හමුවීම්
සදාකාලික බවත් පවසමින්
“හිත පරෙස්සම් කරගන්න”
අණ කළා..

පාන්දර පේන හීන හැබෑ වෙන බව
නිතරෝම ඈ කියා තිබුණා…
දවල් දකිනා හීනයක් සේ
එන අයත් යනු ඇතැයි කීවා…

හණමිටි අදහස් අහක දැම්මට
ආත්තම්මාගෙ සාස්තරේ
පාන්දරම
කිරි ගහට ඇණලා තිබුණා…

කඩුපුල් රැඟුම

කලාපය: 2024-March

සඳ එලියේ පිබිදෙන​
හිමිදිරියේ මැලවෙන​
රැයකට විකසිත වන​
දුටුවන් වශී කරවන​

විස්මිත කඩුපුල් රැඟුම
ඉකුත් රැයෙහි දිටිමි මම​
මෙයයි ඔබ දොරට වැඩුම
එයමයි ඔබ​ අවසන් රැඟුම

නිමල අමිල​ කඩුපුල
නොනෙලා බලන් මේ මල​
අන් සතු නොවේ කඩුපුල
නෙලුවොත් නැසේ මේ මල​

ලෙලවා පෙති එක එක​
අඳුරේ පියකරු රැඟුමක​
නියුතු රුවැති දෙවඟනක​
දිටිමි විකසිත වන මලක​

කඩුපුල් මලෙන් ඉගැනුම​
අතිර බැව් දිවි පැවතුම​
බැවින් තව්කල් අප විසුම
දියන් සතහට රැඟුම උපරිම

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

කලාපය: 2024-March

ඇත ලොවැ වනපස මල් හැම දවසා
කොත නක පිදුවත් මුනිඳුන් උදෙසා
සිත මෙවිතර පිනටත් නොමැ සලසා
සත සසරින් ගැළවෙන්නේ කෙලෙසා

සමනල සඳෙස -13

කලාපය: 2024-March

සමනලයා දුටු දියැලි-1

බෝපත්පිටියේ මනාලිය-15

245. සමනල නර නුඹ සමන් දෙවිඳුගේ
අඩවිය පසු කර පහළට එන්නේ
අඩවි පෙතේ හිඳ ගලා බසින නෙත
රඳනා දිය දහරක් මතු වන්නේ
වැඩිය ළං නොවී ඈත ඉඳන් බල
ගලා හැලෙන දිය කිඳුරිය වැන්නේ
බොපත් ඇල්ලයි වන මැද ඇත්තේ
කියන් ඇගේ වතගොත නුඹ දන්නේ

246. මහවැලි-කැළණි-කළු හා වළවේ ගංගා විලසිනේ
බෝපත්පිටි ඇල්ලත් සිසිලස විඳගෙන සමගිනේ
මග ඇදි-ඇදි ඇද ගමනින් ඉඟ-සුඟ ගත වනමිනේ
මහ ගල් කුළකින් පහළට ඇද හැලෙනව මහවනේ

247. සුසිනිදු සිසිලස දෙන හිරිකඩ මල් සේ පිනි වලා
පුළුන් කඳක් සේ සුළඟට දසතට යන විසිරිලා
සුරතල් බෝපත්පිටි දියැලිය සොඳුරිය බඳ සලා
නටන්නී ද දුටු-දුටුවන්ගේ නෙත්-සිත් පුබුදලා

248. නුඹෙ වයසේ තව එකියක් නුඹෙ හැඩ-රුව ඇති අනේ
බෝපිටි මිණිමුතු පොළොවේ හැර නෑ වෙන ඉපදුනේ
නුඹෙ රූපෙට තරඟ වදින්නට සිරිලක් සිව් වනේ
කිසි ම කෙනෙකු නැහැ නුඹ හැර පළමුතැනේ නම දිනේ

249. කොතැන ඉපදුනත් සුරඟන නුඹෙ රුව කල-එළි කළේ
බෝපත්බද මිණි පොළොවෙහි බෝපත්පිටියෙන් ගලේ
ඇඹරි – ඇඹරි පහළට එන නුඹෙ සුන්දර දැක හෙළේ
දුටුවන් සැමගේ ආදර හැගුමන් නුඹ වෙත සැලේ

250. ලස්සන රම්බොඩ – දියලුම – දුන්හිද යන දිය ඇලී
කොතරම් මනහර ලෙස පෑවත් නෙක රති දිය කෙළී
රඟන විලාසය පන්සර වැදෙන හඬට හද සැළී
යයි නුඹ වගෙ අන් කිඳුරඟනක් ලක් බිම නැහැ මලී

සමනලයා දුටු දියැලි-2
බෙලිහුල් ඔය කුමාරිය-16

251. තවත් මනාලියකගෙ දිගු වරල්
නැගෙන රැළි තැල්ලෙන්
සුදත් සේල ඇදහැලුණා සේ
බෝපත් දිය ඇල්ලෙන්
වියත් සුදන කවිකොට කිව්
බෙලිහුල් ඔය සිත පල්ලෙන්
නුඹත් ගොසින් බලා වරෙන්
වැටෙනායුරු ගිරි දල්ලෙන්

252. ඇස ගෙන කඳු මුදුනෙ සිට සාරවත් කම
බැස ගෙන සිනිදු ගල් කැට ඔප දමයි හැම
ර-ස ගෙන දෙමින් දුටුවන් මන බදින සම
පි-ස ගෙන එන සුළඟ රහසින් කියයි පෙම

253. නෙත-සිත උමතු කරවන සැම දෙනාගෙ ම
උස කදු ගිරි රැසින් වට වී වටේට ම
ඔබෙ රස ගුණ උකාගෙන මුළු පළාත ම
තුරු පල ලබා පොබවයි හැම වෙලාවෙ ම

254. සරස්වතී දෙව් නුවණින් බැලුම් හෙලූ
ඔබෙ රුව පියකරුයි කාටත් නෙතින් බැලූ
බෙලිහුල් මනාලිගෙ සේලය දැකුම් කලූ
සුරතල් කරයි දෑතින්ගෙන වළවෙ – කලූ

255. කවි රස දන්න කවියන්ගේ බස ගත්තේ
දෙ පද – තුන් – සතර පද පෙළ රස ගත්තේ
තෙලිතුඩ අග වණින් බොඳ වී වෙස ගත්තේ
ඔබ රස ගුලාවකි පැසසුම් දෙස ගත්තේ

256. බෙලිහුල්ඔය නම ද ලොව සිහිවටන පෙළේ
රසවත් කමින් වියරු ව පෙළ ගැනුණි මුලේ
ඔබෙ ළය මඩලෙ “සංදේශය” වැඩුණු කලේ
සිතුවම් පට අතර ඔබ දුනි තුරුණු බලේ

257. ඔබෙ සිරියාව නෙත සරසා ය සිසිල ගෙන
සුළගට මුසු වෙලා නිබද ව හමා යන
ගුණ – රුව – රසය නිති ලබනා නිසා දන
ලොව නන් දෙසින් පැමිණෙයි නුඹ සොයා ගෙන

258. පිස – පිස ළවැලි මුතු කැට රොන් මඩ ඈදී
සිඹ – සිඹ මිහිකතගෙ ළය වැද මිණි පෑදී
කහ – රතු – වයිරෝඩි රුවනාරින් සෑදී
වටිනාකම කියයි මහ ඉහළින් කෑදී

259. හෑරෙන පස මැදී තව සාරෙට මානයි
තේරෙන බව දැනී කෙත්වතු හරි සාරයි
සෝබන කුමාරිය බෙලිඔය මන- මාලයි
මේ ගම ඔබේ සුකොමල දෑතට බාරයි

260. දැනුවත් උගත් පොහොසත් දන මන දන්නා
රුවෙනුත් මොනවට ද පැහැදිලි කර දෙන්නා
කෙරුවොත් සමක් රස කර තාලෙට ගන්නා
සවිමත් කරයි ඇගෙ දරු – දැරියන් ඉන්නා

261. මහදැව ගම්මානෙ රාසිං මහා රදා
කිරි බණ්ඩාර තනි ‌කළෙ මහ කැලේ වැදා
ගොවිතැන්- බතට දිය උල්පත් වෙමින් බෙදා
ඔහු රැක ගත්තෙ බෙලිහුල් කුමරියයි එදා

(මතු සම්බන්ධයි.)
2024.06.01

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

කලාපය: 2024-March

වඳනා සුරන් කිරුළ’ග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රනින් මනා
මඩනා බැවින් සිය පත එහිමි පතුලෙනා
බියෙනා ළතඹ හෝ පලු සදිසි වෙවුලනා

දුවල එන්නම් ළඟම දිනයේ

කලාපය: 2024-March

ආස නැතුවම නොවේ අකුරට
සිදාදියෙ ගිණි අවුවෙ දැවුණේ
අම්මෙ නුඹෙ බර ටිකක් ගන්නයි
මෙහෙව් ලොවකට දෑත පෑවේ

හිරුත් සඳු පායනා ලෝකෙක
අඳුර රජයන අපේ ලෝකේ
හිනාවෙන්නට හේතු හොයනව
අපේ වරදද රිදුම් දෙන්නේ

ලොකුම මිනිහෙක් නොවේ අම්මේ
වෙන්න නුඹ මට කියා දුන්නේ
හොඳම මිනිහෙක් වෙයන් කියලයි
ආදරෙන් නුඹ හාදු දුන්නේ

දෑතෙ කරගැට දුකක් නෑ මට
පඩිය ලැබෙනව ලබන මාසේ
බේත් තුණ්ඩුව අරන් හනිකට
දුවල එන්නම් ළඟම දිනයේ

ආළවක යක් රජුගේ දියණියයි

කලාපය: 2024-March

සේලා තෙරණිය

පෙර බුදුවරුන් කල කළ බෝ පින් ඇත්තී
සේලා තෙරණි ඉපැදුණි පුර හංසවතී
කුල මැදුරක වැඩී සම සරණයක එතී
අවුරුදු සිය ගණන් සතුටින් දිවි ගෙවතී

සැමියා මිය ගොසින් ගත දුබලයි වයසින්
උත්තම පින සොයයි ඇය හද දුක දරමින්
දිනයක එළඹ සම්බුදු බෝරුක වඳිමින්
ඉඳ ගති බෝධි පාමුළ කර තිර අදිටන්

සම්බුදු කෙනෙකු සිටිනේ නම් අසමසම
ප්‍රාතිහාර්යයක් මෙතැනදි විය යුතුම
ඇගෙ අදිටනින් සිදුවුණු දෙය නම් පුදුම
බෝරුක බැබලුණේ නෙක පැහැයෙන් කදිම

දොහොත් මුදුන් දී පෙළහර දැක පැහැදී
පේවී දින සතක් බෝ සමිඳුන් පුද දී
පහනින් පිදුවාය සත්වෙනි දින බෝධී
එපිනෙන් දෙව්මිනිස් සුගතිය මතු උපදී

අනුහස් බෙලෙන් බෝ මැඩ පතුරා එළියක්
දීපා ලෝකයෙන් සසරෙදි නැත අඩුවක්
දෙව්ලොව උපන්නත් වට විය මහ එළියක්
දිදුලයි තිඹිරිගෙය මව් කුස මිණි පහනක්

අප ගෝතම බුදුන් වැඩ සිටිනා සමයේ
ඉපදුණෙ ආළවක රජුගේ දුව ලෙසයේ
ආළවිකා කුමරිය යක් රජ පායේ
සේලා නමිනි අප ඇය හඳුනා ගනුයේ

බුදුන් ආළවක දමනය කළ දිනයේ
තබා පාසිවුරු රජු අත රැගෙන ගියේ
පියා සමග ගොස් ඈ බුදු බණ ඇසුයේ
දුක මඩිනා මගය සේලා ඉන් මතුයේ

දවසක් රහත් සේලා තෙරණිය සොඳිනේ
අන්ධවනයෙ තුරු සෙවනක වැඩ උන්නේ
පැමිණියෙ මාරයා එතැනට වෙන වෙසිනේ
තෙරණිගෙ නිවුණු සිත අවුලන පැතුමෙන්නේ

විපිළිසර නොවන්නට මතු අනාගතේ
කම්සුව විඳින්නයි ඇරයුම් කර ඇත්තේ
විෂ කටු සමයි කාමය රතියක් නැත්තේ
මරුවා පරදමින් තෙරණිය දම් දෙසතේ

කම් සුව නිසරුව දැක ලැජ්ජාවේ
අතුරුදහන් විය මාරයා සැණිනේ
පලසමවත් සුව විඳිමින් සිත්සේ
සේලා තෙරණිය අරමට වැඩියේ

The Yellow Umbrella – Sithuki Disara

කලාපය: 2024-March

The moistened earth
Plays a serenade
As raindrops touch her skin
From the crying clouds above !

Looked over the window.
Something tickles in my heart
To live in the rain’s dream
My love, in your arms !

A dream was I in ?
A fantasy did I imagine ?
Oh ! Just a second ;
Is that you I see through my window ?

The heart kept the steps within,
The rhythms of love
And ran to the door,
To cry on the arms above.

The Stubborn Heart !
Stopped in silence of grief
A yellow Umbrella,
That was over his head ?!

Darling a Yellow Umbrella ?
You said you love the rain
And you said you love me,
Tell me dear, was it the same ?
_____________________________
සිතුකි දිසාරා – ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

දෝංකාරයක්

කලාපය: 2024-March

නගර සභා උද්‍යානය විහාර දේවිය ඉන්නා
ජල මල් මැද පිපාසයෙන් කෑරළ හඬ පතුරන්නා
ඩාබිඳු පිස ජනසේනා උයනේ මැද හතිලන්නා
ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා

ඉදිරි මගක් නැති සුදු පැහැ මහරු මන්දිරේ ඉන්නා
අසරුවෝද බිම බලාන ඉර හඳ තරු නොදකින්නා
ඈත මෑත හෝන් හඬින් සවන් බිහිරි කරලන්නා
මාවත් අඳුරින් පිරිලා අඬ බෙරයක් නැත ඇසෙනා

අනුරාපුර රජ මැදුරේ ගාම්භීර ලෙස උන්නා
මව් දේවිය කොළොම්පුරේ කණුවක් මත හිඳුවන්නා
ආත්මයක් නැති ජන ගඟ විනෝදයෙන් කඹුරන්නා
ස්වේත මන්දිරය අබියස දෝංකාරයක් ඇසෙනා

රුවන්වැලි සෑ රදුන්

කලාපය: 2024-March

වසර ගණනක් පුරා
මහත් බැතියෙන්….
රුවන්වැලි සෑ රදුන් අබියස..
බවුන් වැඩුවෙමි……..
මල් පහන් සුවඳ දුම්
ඇති තරම් පිදුවෙමි….
සෑ රදුන් බඳ වටා…..මල් වැල්ද බැන්දෙමි…..
දෙපා රත්වන තුරා…..සෑ වටා ඇවිද්දෙමි….
විඩාපත් වූ තැන…..
පිටු පා සෑ රදුන් වෙත….නික්ම ආවෙමි…..

එක් සැඳෑවක…..
එකත් පස්ව සිට….
සවන් දුනිමි මම
දහම් දෙසුමකට…..
සංසාර චක්‍රයෙන් නික්මී….
නිවනට යන මගක් ඇති සැටි…
සෑ රදුන් කියා දෙන බව…
එදින දැන ගතිමි මම……
කෙළෙස් බඳ…..සතර සත්‍යය…..
අරි අටග මග…..
මොහොතින් මොහොත උපදින….
තිස් එක් තලයම…….
සෑ රදුන් තුළින් ….නිසි ලෙසින් දුටුවෙමි….

තණ්හාව ගුරු කොට…..
මේ ගෙවන දිවියේ…..
කෙළෙස් ගොන්නක්
රැස් කරන සැටි……
මා තුළින් දකින්නට…..
වෙර දැරිය යුතු තරම…..
පසක් කොට ගෙන….
විඩාවෙන් තොරවූ….
නිරාමිස ප්‍රීතියෙන්…..
සැනසිය යුතුය නිවනින්….
තිර අදිටනින් යුතුව….
සෑරදුන් වෙතින්….
නික්මුණෙමි….නිදහස් සිතින්……

2024.02.22

ආදරේ අභිමන්

කලාපය: 2024-March

තනිවූ ජීවන ගමනේ
කර්කශක නිවාලන්න
ආදරේ හබල දෝතින් අරන්… .
ඈ පැමිණියා. ….
ඔබ හද මැදුරට
කන්කළු හඬින් ගැයූ ගී,…….
සුවපත් කලා දහසක් හදවත්,….
වික්ටර්……
කලාකරුවාණෙනි!
රත්නයකි කලා ලොවට ඔබ මතුවටත්

27/1/2024

A Moon in The Daylight – Charith Hiripitiya

කලාපය: 2024-March

The sun burns alive in the sky
No sense of a rain
Even not a charming breeze here.
But why,
Why do I feel so cold,
In those hurting shafts of light?

An unexpected wind came across
All felt disgusted. But, not I.
Cause they all were covered with dust.
But why,
Why did I feel that I’m hugged,
In such a black blizzard?

Everything happens so weirdly
A lot amicable though.
But why,
Ohh…
It’s she, twinkling there
For me..!

The reason for me to heal
And the one I prayed for
Yes, I see…
“A MOON IN THE DAYLIGHT”
Who waits for me..!

ලියනු මැනවි පිළිතුර සිතෙන

කලාපය: 2024-March

ඔබට බැඳුන සිත ඔබෙන් මිදී

සමු ගෙන යනු බැරි දුකෙන් හිදී

සුවඳ මලක තතු විමන් වැදී

සිත ඇතුලෙ නිදයි යස රුවින් රැඳී

පිපි රොබරෝසිය මල් වියපත් ව

ඇගෙ දෙපා සිඹිනු දැක මන ලොල් ව

සිත වෙහෙස කරයි දුක රසයක් ව

අද නව රස ගී මුමුණයි එක් ව

ඔබ කවුරු කියූවත් මුසපත් ව‍

පෙම ගැනම ලියූ කවි හිතවත් ව

ඇය තවම නොඇසු රස රහසක් ව

මම කොහොම ලියමි එය වියපත් ව

පොත සිතටම බැඳගත් යුගයක ය

අත එකට බැඳී සිටි පහසක ය

ගත ලඟම රැඳී පිදු උණුසුම ය

කිම තවම මගේ සඳ තනිකඩ ය

පඩි පෙළ ම සිඹින පා යුග එක් ව

පසු දිනෙක ඇවිද ගිය මග වෙන් ව

ඇය ගිලිහි ගිය දිනේ හර සුන් ව

මම ලියූ කවිය ඇත සිත බුන් ව

එක දිගට ලියපු අකුරෙහි රැඳුන

සුව සැදුන රසය මිහිරකි මිදුන

නුඹ කිවිඳියෙක් වුනත් රස බෙදන

දැන් ලියනු මැනවි පිළිතුර සිතෙන

Photo: Kristina Litvjak

නොබැඳි යදම.

කලාපය: 2024-March

මලක් පිපුනත් අතිර
සසරට…
සිතක් කොතරම් බරද
මලකට…?

විසක් ලඟ රැඳි දෙබර
කුලයට..
විතක් අහිමිව ගියා
අකලට….!

විලක් සසලව බඹර
තුඩඟ’ට….
බිඳක් රොන්සුනු නොලද
වරදට… !

මඳක් ඉවසුම් නැති
මුසාවක…
හිතක් සිර කල හැටි
අතීතෙක…!

යමක් අතහැර ගියත්
සිරකොට…
පලක් වෙද නොබැඳුනොත්
යදමට..!

වියන් බැඳ පේ උනත්
කුමකට…
දෙව් රුවක් නැති පාළු
දෙවොලට….?

2024.02.24

ඉදිරියටම යමවු……….

කලාපය: 2024-March

අත්තාපල් මුත්තාපල්
මෝල්ගහේ දළුලන තුරු
අපේ උන්ගෙ මොළ ගෙඩි ටික
හැදෙන්නෙ නැතුවා……

මිනී කාක්කොත් එක්කල
මහළු මඩමෙ මහල්ලො ටික
දියවන්නාවෙන් මෙගොඩට
ඔන්න ඇවිල්ලා…….

ඕං රීං කට්ටු කට්ටු
බයිස්කෝප් පෙන්න පෙන්න
ටීටර් නැට්ටුවො රොත්තම
සබේට එන්නා……

ඩෝං ඩෝං මගෙ අම්මෝ
පුච්චන මේ ධනස්කන්දෙ
දැක්කොත් අපෙ මුතුන්මිත්තො
නැගිටල එන්නා……

පපුව දීපු උන් වගේද
යටින් ගේම් ගහන එවුන්
බයියො ටිකක් ලං කරගෙන
උඩ වැජඹෙන්නා……

හැත්තැහයක් කෑ නිදහස
කාපල්ලා බීපල්ලා
උන් ඔක්කොම එකයි මල්ලි
ඉණි මං බැන්දා…..

නිගන්ඨයෝ එක්ක ඉද්දි
රෙදි අඳින්නෙ මොකටද බොල
ටෙලිවිසොමට අපෙ ආච්චි
වරමක් ගත්තා………

ලක්ස ගණන් කෝටි ගණන්
පැයකට දෙකකට හිලව්වෙ
ශේෂ පත්‍රයේ දෙපැත්තෙ
හර බැර වෙන්නා…….

සිමෙන්ති බ්ලොක්ගල් බිත්තියෙ
යකඩ ඇණේකින් එල්ලිල
දිවිපිදු එක රණ විරුවෙක්
නිවනට යන්නා……

රෑ බෝවෙල ඉර වැටෙද්දි
ණය ගෙවන්න කියල ඔන්න
තවත් අළුත් බදු පණතක්
ඇන්න වරෙල්ලා……

නාහෙ උඩින් වතුර යද්දි
ඔළු ගෙඩියත් යට උනාවෙ
පුදුම ඇටේ පරාණ ටික
බලාන ඉන්නා……….

ගල්බොඩ, වතුරුගම

“අපි තව පිං කරමු “

කලාපය: 2024-March

ඔබ මම සැවොම නෙක දුක් වල එරීගෙන
ගෙන යන දිවියේ සැප එන්නේ පෙරීගෙන
සුභ නැත යන අයුරු වැඩ ටික කෙරීගෙන
අපි තව පිං කරමු දිව රෑ මැරීගෙන

දිවියෙහි නොතිර බව ගන්නට නොහැක සිතා
යන්නට වේවි මරුවා කළ විටදි කතා
එදවස අදද හෙටදැයි දත් කෙනෙකු නැතා
එනිසා දැන්ම තව තව පින් කරමු ඉතා

මැද කණ්ණාඩියෙන් වාහනයක තිබෙන
ඉදහිට බැලිය යුතුවෙයි පසුපස සොදින
එදෙසම බලා සිටියොත් ඉදිරියේ තිබෙන
අනතුර නොදැක විපතට දෙනු ඇත මුහුණ

ජීවිතයෙදිත් දුක් කරදර මැද සිටින
ඉදහිට අතීතය සිහි කළ යුතු සිතින
ඒ ගැන සිතා තැවෙමින් සිටියොත් නිතින
හෙට වෙන විපත නොපෙනෙනු ඇත නිසි ලෙසින

2024/02/22

ප්‍රේමය ලදැල්ලකි සියුමැළි දළුලාන

කලාපය: 2024-March

මතකයෙ සියුම් තැන් ඉඳහිට සමාරාන
අපි උන් අතීතය බොඳවිය මිහිරාන
අදටත් හිතේ කොනකට වී ඉකිලාන
ප්‍රේමය ලදැල්ලකි සියුමැළි දළුලාන

දෝතට අරන් මුව මල සිඹ සනසාන
ඔය මුදු දෙතොල් රස සයුරකි කුමරාන
නළලත තැබූ හාදුව පෙම උතුරාන
නුඹ මගෙ අඳුරු අහසට වැඩි සඳපාන

පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි
කුමුදි නෙත්තසිංහ

Photo : Oziel Gómez

මෙහෙකාර ගීතය

කලාපය: 2024-March

දිනිඳු සමනොළ ගිරඟ වඳින්නට පෙරාතුව
අවදිවෙමි මෙහෙවරට තුන් මහල් මන්දිරේ
අහේතුව නිසා මව් පියන් මට අහිමිවුණු
කණකොකා හැඬුවාය කටුක ජීවන මඟට

තිමිර කඩ තිර ඉරා ළමා විය පහන් කළ
යංතමින් දොළොස් විය ඉක්මවූවා පමණි
මාළිගයෙ අපායට පිය නගන්නට වුණින්
යව්වනය දියවුණිය කරුමයට පණ දෙමින්

නිදි කිරයි පෑන්ට්‍රියෙ මැෂිම රෙදි සෝදනා
කච්චියක් සළු අතින් සෝදමිය හඬ හඬා
නොදැල්වෙන විදුලි ගිනි උදුන දෙස බල බලා
දර ළිපට ගිනි පිඹිමි වක ගැහී දණ නමා

කසී සළු දුහුල් සළු සේද සළු එකින් එක
කාලයට අනුව ගිම්හානයට වසන්කොට
නෙක රුවින් අඳින සඳ රාජිණියො මහපායෙ
එකම කඩමාල්ලකි මට ඇත්තෙ දවසටම

අතින් පිසෙනා මගේ නොයෙක මසවුලු රසැති
මල් බදුන් පිරිවැරූ මැද සාලෙ මේසයේ
තුන් වරුවෙ හැඩ වුණත් සිහිල් වාරැලි පහසෙ
දංකුඩය පමණි මගෙ කුසේ ගින්දර නිව්වෙ

තරුපතිසෙ එළිය දෙන ළා පැහැති රතු එළියෙ
බුමුතුරුණු මතින්වු සයනෙ වියපත් සුවයෙ
මාළිගයෙ යුවල හුදෙකලාවෙ නිදන සද
මම ඔහේ ගුලි ගැහෙමි පන් පැදුරෙ කුස්සියේ

සියොළගෙහි අපේ දිවු රුහිරු ඩා බිඳු මැදින්
සුඛ වේදනා වෝ විඳිති ධනවත් ඇත්තො
හුස්ම පොද හදවතින් ගිලිහෙනා තුරු දිනෙක
දුක්ඛ වේදනා මය අපට හිමිවී ඇත්තෙ

කලාභූෂන කිවිපති කවිධජ
සාසනකීර්තී දේශාභිමානී
ඩබ්ලිව් කේ සරත් විමලසිරි

ඇඩෝ නමැති බලු රාළගේ, මළ ගෙදර ශෝකප්‍රකාශ කවි කොලය

කලාපය: 2024-March

කුණවත් දුදන දෑසට නොපෙනෙන ලෙසින
දුප්පත් ඇඩෝ අප දා නික්මි ගොසින
වියපත් කලට නෑදෑයෝ නැති බැවින
නැනවත් තීන්දුව නුඹ ගත්, හරි වටින

ආවෝ ගියෝ මෙනි හිතවත නුඹ ඇසුර
කාවෝ කඩදාසි කයි අකුරක් නොදැන
නෑයෝ නොනෑයෝ සැනසෙනු ඇත තුටින
බෑයෝ මොටද රහසේ ගිවිසුම් කඩන

හොස්ස ලගින් මැස්සෙක් ගියෙ නෑ එකල
රිස්ස ගිය කලට උන් ආවා වටල
පස්ස ගාතයක් ගල් මුල් ලැබ බකල
යස්ස පැටවු කැඩුවා වටකර කකුල

පිට්ටු ගෙඩි වගේ පාරේ ගිය චන්ඩි
මට්ටු කල රගේ එක කකුලක් නොන්ඩි
වෙට්ටු දා ගියා තුන් රෝදෙන් වන්ඩි
කෙට්ටු ඉරට්ටක් කාලෙත් පොර හැන්ඩි

කට්ට කරුවලේ වසමේ කරක් ගසා
කොට්ට ගෙවෙන කං ඩියුටිය නොකර මුසා
ඇට්ටි වලට කෑදර මුත් සිතැගි අසා
මුට්ටි දැම්මෙ නෑ ගුනදම් සිරිත් නසා

ඔට්ටු තියා කික්කියෝ කරකාර බැද
මට්ටු කලා නැඩ බල්ලෝ කනින් ඇද
තුට්ටුවට වැටි තව තව නොවි වද
රට්ටු පැතූ ලෙස නොකියා ගිහින් අද

කොහේ ඉදන් ආවාදැයි නොම දන්න
ඔහේ කැරකුනා එක තැන බෑ ඉන්න
බවේ නෑකමට ආවා හමුවන්න
නිවේ සසර දුක් බෑ යලි හමුවෙන්න

මංගල තෑග්ග

කලාපය: 2024-March

මේ තමයි ජීවිතේ හරිම හොඳ කාලය
ළං කරන් විඳීමයි නුඔට හිමි කාරිය
දැන් ඉතින් අහවරයි ඔප්පු කල බාරය
මමත් ඈතට වෙලා දෙමි ඇයට වාරය

ඇස් අසල තියාගෙන ගතකලත් කාලය
මැන නොබල කිරි කරල පෙවූවත් ආලය
ගෙට ගේන කල පුතුන් දුවක් මෙන් ලේලිය
සින්නක්කර ලියමි නොතිය මට බාගය

AnA 2/2024

The Rain

කලාපය: 2024-March

….Then evaporated the drizzle
weighted foggy black herds of clouds
flattered wings slightly
Be alive backed caked puddles
deformed by envious rays of nothing
earthen smell climbed again
upon the deep nostrils
after a long time
withered pain of tiny flower buds
half dead on earth
danced their necks tossing

රැඩිකල් සමනලිය

කලාපය: 2024-March

ඈ කවුද ?
සොයනවා ඇය තවම !
නාමය ?
“පූජා”. මට මතක හැටියට !

ඉර – හදට පෙම් බඳින,
තරුවකට කවි ලියන,
බලාපන්කෝ හදවතක තරම,
සිතිජයක් ලුහු බඳින !

නිධානයක බර,
තනිව දරණ
මායාකාරියකි ඇය !
නොවේනම් කොයිබින්ද ඔය,
හඩන – හිනැහෙන
දෙනයන ?

ෆැන්ටසියක රැදෙමින්
කණාමැදිරියන්ට අත වනන,
ප්‍රේමයට කෝඩු ඇය,
දොඩන්නේ කිම,
ටොන් ගාණක වචන ?

කදුලු අගයන,
සිනහවෙන් දග කරන,
තනිව තටු සලන,
නුඹයි මා දුටු
“රැඩිකල් සමනලිය..!”