ජාතියේ යශෝරාවයයි
කඩමණ්ඩීයේ දොල අයිනේ ඉදන්
රුක් අත්තන මල මුදුනින්
සැදෑකලුවර වැටෙන වෙලාවට
තරුත නිදන මහ රෑ
උඩගු ලියන්
දේවදාසියන්
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ ඉදන්
කුරුටු ගෑ ගී පොත දිග හරින්නේ
බුද්ධානුභාවයෙන්යැයි ගයමින්
ගෙඩි සීයයක් බිම හෙලූ අප්පච්චි
අම්මාවරුන්ගේ
හඩනා කදුලු
ගිරි කුල පාමුල
රම්‍ය සදකිරණක් සේ දිලෙන්නට ඉඩ හැර
ගලන ගගක් ගැන කියමින්
ජීවිතේ ගැන වගේම
සරා සොදුරු මල්
රන්කෙන්දෙන් බැදුණු
ප්‍රේමය
පෙම් රැහැනින්
බිදගත්ත හැටි
හරි අපූරුවට
ගයන ඇය
ජාතියේ යශෝරාවයයි
කොටහේනේ උඩවැඩියා මලයි
කොට්ටාව
යුධ ගිනි ඇවිලෙන ඝාසා තීරේ
යුධ ගිනි ඇවිලෙන ඝාසා තීරේ
මළ මිනිසුන් ගේ රුධිරය බේරේ
මෙහි අවසානය නොව මෙම වාරේ
පවතින තෙක් හදවත් තුල වෛරේ
*
යාළුවේ ඔය ඇති..
මතින් මත හැරං පේමෙක එදා රැකී
හිතින් පේවේද තාමත් ඇයට සකී
ඉතිං පවසපං තතු මෙතුවකුත් නොකී
තතින් තත සින්ද මතකය නැතිද මැකී
ඇසින් ඇස දුරස් වුවත් දුරක සිට
දොසක් නොදැක සෙවනැල්ලත් නිදොස් කොට
රසක් කරන් විස පිරි මතකයක් යට
හිසක් හෙවුම අදහන්නට හැකිද මට
තියා හදක පෙම යයි කී පතොක් කටූ
සොයා කල් මරනවද මල් බෙදන නටූ
ගිය ගිරවිට යළි එන්නට නැහැලු තටූ
ලියවන්නට තුට යළි පෙරළපන් පිටූ
රිදුම්
බර අඩි තබා පපුව මත
කවුරු හරි ඇවිදිනවා
දැනෙන විට
හරියටම පපුව මැද
හිරවිමකිය හරි තද
කවුළුව මදක් හැර
සීතල සිතින් අත හැර
පිරිමදින්නට රිදුම්
කුමටද තවත් වෙහෙසුම්
තුරුපත් සිප වැළඳ ගත්
ශරත් සමයේ මඳ සුළං අත්
මා බදා කරන මේ පිරිමැදුම්
කෙසේ සමහන් කරාවිද
ඒ නැඟෙන ඇදුම්කන රිදුම්
මේ අඳුරු මැදියම් රැයේ
ඇවිදින්න තැන් වෙන නැතිද
බර අඩි තබමින් ඔබට
මගෙ පපුව විතරමද
මේ මහා ලෝකයක් උඩ
නත්තල එන බව සැම තැන සද්දේ
උඳුවප් මාසේ සීතල මැද්දේ
නත්තල එන බව සැම තැන සද්දේ
සාමය පරදා ඇවිලෙන යුද්දේ
මිනිසුන්මය ගිණි උණ්ඩය විද්දේ
සමරන්නේ සමිඳුන්ගේ උපතයි
ඒ මැද සාමය පැරදූ විපතයි
මේ ලොව තුල ධන බල යේ සැපතයි
නත්තල විකුණන් කන අය එමටයි
දිළිසෙන වට පිට නෙත් සනසන්නේ
නත්තල් ගී හඬ සවන් ගැටෙන්නේ
කේක් සමඟ තව කැවිලි සැදෙන්නේ
සාමය වේවා කියා පතන්නේ
සාමයෙ කුමරුය ජේසුස් සමිඳා
වෛරය සිත් තුළ නිබඳව නොනිදා
කොතරම් දේශණ දෙසුවත් සැමදා
මිනිසුන් මිනිසුන් වෙන්නේ කවදා
දුගී පැලේ බත් ඉදෙනා නත්තල
සාමය ප්‍රීතිය උපදින සිත් තුල
දුගියන් නිදියන කඩ පිලවල් වල
වෙතට ද නත්තල් සීයා යන කල
*
Mark@kumarage* 07/11/2023
රහස් රහස් වී රහසෙම සැගවුණු………..
රහසින් ලංවී
රහසින් වින්ද
ප්‍රේමය ..
රහස් කොදුරා
රහසින් නික්මුණු
ප්‍රේමය..
රහසේ හඩන
රහසේ විදවන
ප්‍රේමය…
රහස් රහස් වී
රහසෙම සැගවුණු
ප්‍රේමය …
සීතල පපුවට
රහසින් ඇවිදින්
ප්‍රේමය
උණුසුම විදිමින්
සිත සුවපත් කල
ප්‍රේමය
අන්සතු උයනක
පිපුණත් සුවදයි
ප්‍රේමය..
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය
පෙනෙන දුරකින්
නැති වුවත් අද
ප්‍රේමය
සිතිං සියවර
ඉතිං වින්දෙමි
ප්‍රේමය
මගේ නොවුනත්
මගේම වූ
ප්‍රේමය
රහස් රහස් වී
රහසින් වින්ද
ප්‍රේමය
දොලපිදේණි යකුන්නේ…
හෙණ පිට හෙණ වැදුන මුත් තව කමක් නැතී
තන බදු බලු බදුත් පුරුදුයි අපෙත් ගතී
මඩියම හිස් වුවත් ගැතිකම ඇඟෙත් ඇතී
වැඳ වැඳ පින් දියවු රට විකුණුවත් බැතී
වේලයි, දෙවේලක් කන්නට නම් බැරිය
සාගිනි උහුලමින් බඩ පොතු ගෙන දිරිය
පාරුව පදින උන් හඳුනති හොඳ හරිය
දුන්නද වම් අතින් දකුණතෙ නැත පිරිය
කළගෙඩි බඩ වලත් ඇතිවීමක් නැත්තේ
බහිරවයන්ට නොදෙවෙනි තැනකුයි ගත්තේ
තට්ටුව බර නිසයි ඉන්දුවෙ උඩ අත්තේ
රෙදි ඇන්දුවත් විළිසංගෙට නොව සත්තේ
දැන්නම් දැනෙන්නේ සවියක ඇති අඩුව
උන්මයි විසඳන්නෙ විත්තිය නැති නඩුව
බෙල්ලට හිරකලත් පළඳපු මළ පුඬුව
අත්පුඩි තලනවා දුටුවද විස කඩුව
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ආයාචනා
මහා කරුණා
ගුණය නිබඳව
සියලු සත් වග
වෙතට සැමදින
මහා දම් කඳ
ආනුභාවෙන්
රතන සුතුරෙහි
සමරමින ගුණ
මහා නුවරෙහි
විශාලා නම්
තිබුණු තුන් බිය
දුරු කරපු මෙන
මහා මෙත් සිල
ම,බුදු සමිඳුනි
අපට සුව සෙත
සලසවනු මැන
සතර අත සැම
දනට සුබ සෙත
සදන බලමින
දොලොස් නෙතඟින
විතර නොවනා
මහත් තෙද බල
පතුරුවන ලක්
බිමෙහි සැම දින නතර නොවනා
කිතු රැසින් දස
අතෙහි නංවන
පබල කිතුමිණ
කතරගම දෙවි
සමිඳ වෙනු මැන
පිහිට අප හට
සෙත සලස මින
ඈත සිට පෙරු
මන් පුරාගෙන
මෙතේ බුදු බව
පතාගෙන එන
බීත කරවන
රුදුරු යක් සෙන්
පරදවා ලොව
සතට මෙත දෙන
දෝත නලලත
තබා නමදිමි
අයදිමින් පා
මුලෙහි බැතියෙන
නාත දෙවිඳුනි
නසා රෝ බිය
හදෙහි දුක් කඳ
දුරු කරනු මැන
නිමල බුදු දම
රකින විලසින
පිරිත් නූලෙක
බලය ලබමින
අමිල මෙහෙවර
මෙතෙක් කරමින්
බුදු සමය ආ
නිබඳ රකිමින
නළල තබමින්
පාද යුග මත
අයදිමින මතු
දිනක බුදු වන
පබල වෙනු මහ
දෙවිඳ පැතිරෙන
ලෙඩ වසංගත
දුරු කරනු මැන
මෙතිනි ලොව තුල
සියළු දන හට
දයා කරුණා
ගුණ පතුරුවන
නිතිනි සලසන
අමිල සුබ සෙත
සළඹ යුගලය
දෙඅත දරමින
බැතිනි පදයුග
නැමද ඉල්ලමි
සියළු වස් දොස්
සැම දුරුව එන
පතිනි දෙවියනි
දිවැස් හෙලමින්
රුදු වසංගත
…. දුරු කරනු මැන
සමන් ගිරි කුළ
මතට සිරිපා
පිහිටුවන්නට
කරන ඇරයුම
සමන් මල් අතු
රුවා බුදු හිමි
වැඩම.කරවා
ලෙසට සිත් තම
සමන් සුවඳින්
පුරා ලක් බිම
පුද බිමක් කළ
සුවය පිනිසම
සමන් මහ දෙව්
රදුනි රැක දෙන්
මෙ සිරි ලක් බිම .
වෙසෙන දෙන හැම
සියල් දිනකම
ජනී ජනයා
කරති පුද පෙත්
නැතද වත් කම
සියල් විටකම
යදින්නේ සුබ
සෙතම මිස නම් .
නොවේ වත්කම
සියල් දෙවියනි
අදද මා ඔබ
හමුවෙ පුද දෙමි
කවියෙ වත් කම
සියල් සත මේ.
වසංගතයෙන්
මුදා දෙනු මැන
දිවියෙ වත්කම
– බදුල්ල –
අබුද්දස්ස කාලයක …..
මාලය වගේ හිරු යනකොට සඳක් එමින්
කාලය දුවයි ආනත ලොව වටක් යමින්
තාලය හොඳම පුරවා සිත හුඟක් සොමින්
සාදය නටමු උතුරන තෙක් දියක් හෙමින්
සේලය කොටයි පෙනුනට උඩ යටින් ටිකක්
පාපය කිසිම නොරැඳෙයි එහි ලෙසින් තිතක්
ලෝබය අතැර ගෙනැවුත් පඬු යාර හයක්
පාදය තෙක්ම පළඳමු වළකමින් දොසක්
වැඳලා මොටද මහ සෑයට සිරස නමා
පළඳා ඇඳුම් පින් පුරවමු නොකර පමා
දෙසලා බණක් හිත සැනසෙන ලෙසට තමා
වළකා වැටෙයි මිසදිටු වැසි මෙලක තෙමා
පුවතක් – මහා වකුගඩු ජාවාරමක සුලමුල
නිහඬතාවයකි රජයන
නිහතමානීව රකිමින
නියතයකි මේ ජීවිත
කඳුළු බිඳු කැටිති විසිරෙන
ගෙන්දගම් පොළව මතුපිට
නින්දගම් කිසිත් නැත මට
වින්දනම් දුක් කම් කටොලු එපමන
නින්දනම් කෙසේවත් ඇස අග නැත
සින්දුනම් කොපමණ ඇතත් අද
බිංදුනම් බැංකුවේ එකක්වත් නැත
දෙකක් තිබෙනා නිසා
එකක් ගලවා විකුණා
උඹේ ඔය සිනහව බලා
මැරෙනතුරු ඉන්නම් සදා
මන්දාර ලියනගේ