ඊයේ අද සහ හෙට.
මතක.
කළේ වතුර ගහයට සිසිලස රන්දා
තිබහ මකන්නට හෙවනට හිත බන්දා
මතුවන නැවුම් පස් පුසුඹට හිත රන්දා
හිත තැවෙනවා අවරට හිරු ගිය හින්දා.
ඒ දඬුපාර හුරුපුරුදුයි පය ගෙවිලා
ආදුර වගෙයි යන දුර ගැන හිත දැනිලා
වැහිළෙහණියෝ තටු විහිදා යනු දැකලා
යළ සුළඟට ගස්වැල් වල කොළ හැලිලා
ඇස්කරකවා බැලුවත්
කෑළියා පදුර
තව දළු ඇදේ ධුවිළි වැදිලත් නිතර
එරමිණි පදුරු ගානේ ඉදිලා පැතිර
මට තනි නැහැ හේනට යන මග නිතර.
කේතලේ වතුර උතුරයි ලිප ගිනි වැදිලා
කරගැට දැත් මා එක්කම හිත බැදිලා
හේනේ අහස ළඟ ඉර හැංගෙනු දැකලා
මා පිළිගත්තේ කඩියා පැල ළග බුරලා.
කන්තලේ
කළේ වතුර ගහයට සිසිලස රන්දා
තිබහ මකන්නට හෙවනට හිත බන්දා
මතුවන නැවුම් පස් පුසුඹට හිත රන්දා
හිත තැවෙනවා අවරට හිරු ගිය හින්දා.
ඒ දඬුපාර හුරුපුරුදුයි පය ගෙවිලා
ආදුර වගෙයි යන දුර ගැන හිත දැනිලා
වැහිළෙහණියෝ තටු විහිදා යනු දැකලා
යළ සුළඟට ගස්වැල් වල කොළ හැලිලා
ඇස්කරකවා බැලුවත්
කෑළියා පදුර
තව දළු ඇදේ ධුවිළි වැදිලත් නිතර
එරමිණි පදුරු ගානේ ඉදිලා පැතිර
මට තනි නැහැ හේනට යන මග නිතර.
කේතලේ වතුර උතුරයි ලිප ගිනි වැදිලා
කරගැට දැත් මා එක්කම හිත බැදිලා
හේනේ අහස ළඟ ඉර හැංගෙනු දැකලා
මා පිළිගත්තේ කඩියා පැල ළග බුරලා.
කන්තලේ