යථාර්ථය
කොතෙක් දිය ගැලූවත් මහ සයුර නොපිරේවි
පිපුණු මල් පරවුණත් ගස එයින්
නොහඬාවි
තරු යාය සැගැවුණත් සඳ කඳුළු
නොසලාවි
සඳ එළිය බොද වුණත් මහ
පොළොව නොසැලේවි
----
සුළි සුළං හැමූවද මහා කඳු
නොසැලෙතේ
මහා වැසි වැටුණු මුත් අහස
කම්පා නොවේ
හිරු එළිය සැඩ වුණත් ඉර එයින්
නොහඬාවි
කවුරු ලොව මිය ගියත්
යළිත් ඇස් නොසලාවි
----
අකුණු වැදුනිද කොතෙක් අකුණු
සැර නොසැලේවි
විදුලි සැර විහිදුනත් එළිය නිති
නොරැදේවි
ගෙරෙවුවත් කොයි තරම් අහස
නිසලව ඇතේ
හිරු ඇතත් සඳු ඇතත් නිලඹරට
කම් නැතේ
----
පෑයු දේදුණු නිසා
අහස ඇත පාඩුවේ
ආව පසු සුනාමි මුහුද
යළි සිනාවේ
සැනින් සැන කාලයත්
සැමදාම තිබේවි
ව්ස්ව ශක්තිය සදා
විස්වයේ රැදේවී
================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
=======================
22/6/2025
0711481624
Photo credit;Zoltan Tasi
පිපුණු මල් පරවුණත් ගස එයින්
නොහඬාවි
තරු යාය සැගැවුණත් සඳ කඳුළු
නොසලාවි
සඳ එළිය බොද වුණත් මහ
පොළොව නොසැලේවි
----
සුළි සුළං හැමූවද මහා කඳු
නොසැලෙතේ
මහා වැසි වැටුණු මුත් අහස
කම්පා නොවේ
හිරු එළිය සැඩ වුණත් ඉර එයින්
නොහඬාවි
කවුරු ලොව මිය ගියත්
යළිත් ඇස් නොසලාවි
----
අකුණු වැදුනිද කොතෙක් අකුණු
සැර නොසැලේවි
විදුලි සැර විහිදුනත් එළිය නිති
නොරැදේවි
ගෙරෙවුවත් කොයි තරම් අහස
නිසලව ඇතේ
හිරු ඇතත් සඳු ඇතත් නිලඹරට
කම් නැතේ
----
පෑයු දේදුණු නිසා
අහස ඇත පාඩුවේ
ආව පසු සුනාමි මුහුද
යළි සිනාවේ
සැනින් සැන කාලයත්
සැමදාම තිබේවි
ව්ස්ව ශක්තිය සදා
විස්වයේ රැදේවී
================
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් ව්මලසිරි
=======================
22/6/2025
0711481624
Photo credit;Zoltan Tasi