ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ෆර්දාව

ෆර්දාව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - එක්සත් රාජධානිය
2021-December

පර්සියන් විල්ලුද ය වගේ හිත දිලෙන්න
කුරානය වගෙ හැඩට ජීවිතය ගොතන්න
බුදුන් වාගේම හැකියි අල්ලටත් වඳින්න
ෆර්දාව ඕනෙමද රාමදන් බලන්න

පන්සලේ පෝය හඳ කොහේ හෝ ගිහින් ද
හිනැහෙහී එබෙන්නේ පල්ලියේ ඉඳන්ද
‘මුහාමද්’ රුධිරයේ වෙන පාට කොයින්ද
ඉපදෙද්දි අපි ආවෙ ආගමක් අරන්ද

කුරානය පාඩමින් ඔබ සමඟ ගයන්න
බුදුන්ගේ කුටියටත් මැටි පහන තියන්න
ප්‍රේමයට ප්‍රේමයෙන් ඔබ සමඟ බැඳෙන්න
‘මුහාමද්’ ෆර්දාව ඕනෙමද කියන්න…