ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෝඩි පොතේ සාමා දිටිමි..

හෝඩි පොතේ සාමා දිටිමි..

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
2022-November

කලා සපිරි මුව මඬලේ
උලාගෙන පියරු සිත්තම්
පුරාජේරුවට වාගේ එබී බලන්නේ…
පිපීදැයි බලන්නද සල් මල්
පලාතක නැතිව සල් ගස්
හිතා ගන්නවත් මට බැහැ සාමා නංගියේ..
හෝඩියේ පොතේ…..
කාව සොයනවද තනිවම වීදියේ කොනේ..?

මාමලා පුදන පඬුරට
පේවිලා හිඳින තරමට
ජීවිතේ බොහොම ලාබද
වීදියේ කොනේ..?
හෝඩියේ පොතෙන් වැටුණිද
බාල සන්දියේ…?

කාලයේ උරුම තාලෙට
යෞවනේ අරන් හනිකට…
සීරිලා ම ‘සිත නුඹ දැක
සෝඩි ටිකිරියේ..
බඹර කරකැවූ “අමර “ද
බඹරු සොයන්නේ…?
කොලවල මොණරු ගනින්නේ?