ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හුදෙකලාව

හුදෙකලාව

වෛද්‍ය පද්මලාල්  පතිරගේ - ඇතුල් කෝට්ටෙ.
2021-May

සඳින් සඳ ගෙවීලා
අතු අඟින් මල් වරයි
වසන්තය නිමා වී
ගිම්හානයට බරයි.

සිහින සිතිවිලි මතක
තරු අතර සැරිසරයි
පියවි නෙත් පියළි මත
කඳුලු මල් පුබුදුවයි.

දෙනෙත් තුල සැරිසැරුව
සෙනෙහසකි පිවිතුරුව
සැඬ සුළඟෙ දැවටිලා
යළි යළිත් සිත බරයි.