ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොබාදහමට තුරුල්වී

සොබාදහමට තුරුල්වී

මහාචාර්ය ටී .එස්.අබේවික්‍රම - ලන්ඩනය
2021-July

මවගෙ තුරුලේ ඇයගෙ සෙනෙහස ලබන පොඩි දරුවකු වගේ
සොබාදහමට තුරුල්වී ඉදිනවිට හුරතල් වෙලා
ගලා මදනල වෙලා සියොලග සෙනෙහසින් මා සිප ගනී
හිරුගෙ කිරණින් ලැබේ උණුසුම් හාදු ජීවන බල වඩා
සොබාදහමින් උපත ලද මා සොබාදහමම බව දැනේ
සොබාදහමින් පිට දෙයක් මාතුළින් දක්නට නැති නිසා
මගේ හිතතුළ මමත්වය යයි සොබාදහමට දියවෙලා
මමත්වය නැති සමස්තය ඇත නිවන් සුවයට පත් වෙලා