ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙනෙහස ඔබෙන් විදිමි

සෙනෙහස ඔබෙන් විදිමි

රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය
2022-January

සම්මතයෙන් පිට
අසම්මත පෙමක බැඳිලා
අපේ සිත් විඳවන තරම්
හිමි නැති බව දැන දැනත්
අපි අපිට ආදරේ කරන තරම්
රාගයක් නැති සෙනෙහස
හිතතුල පිරිලා තියන තරම්
ඔයාගේ ආදරණීය වදන් වලින්
මගෙ හිත සැනසෙන තරම්

විඳවපු ජීවිතය
ලස්සනට විදින්න
ඔයා මට කියලා දුන්නා
අඳුරු වලාවෙන් වැසුණු
මගෙ ජීවිතයට සඳක් වෙලා
ආලෝකය දුන්නේ ඔයා
අද මං සතුටින් ඉන්නවනම්
ඒ ඔයාගේ ආදරේ නිසා

ගතින් ළංවෙන්න බෑ තමයි
කිසිම දිනක එත්….
හිතින් ඔයා ම⁣ට දෙන සෙනෙහස
මගේ පණ හා සමානව වටිනවා
සමහරවිටක …..
ඔයාගේ ආදරේ මතක එක්කම
මම යන්න යාවී……ඔයත් නොදැනම
ඔයාව නොදැකම…… මේ ලෝකෙන්..