ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සෙනනෙහස වෙන්දේසි විය

සෙනනෙහස වෙන්දේසි විය

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2022-December

සිදාදියෙ ඉඳන් නුඹ එවු ලියුම් කරදහිය
කියවගෙන කියවගෙන කියවගෙන ගියා මම
හිත ඇතුලෙ හති දදා නුඹ පිණුම් ගහන කොට
සෙනෙහසින් කිති කැවුන මගේ සරුවාංගෙම පිස්සුවෙන් තටු හෙව්ව ගෙයි මුල්ලක් නෑර
පියාසර කරන්නට නුඹ සොයාගෙන රෑම

සිල්ලර ජීවිතේ අඩුපාඩු පිරිමැහුව
කරගැට මල් පිපිනු අපෙ අම්මගෙ දෑත
හැඩ ගවුමක් කරපු චීත්ත යාර දෙක
සැවැන්න මුල් එක්ක හැංගිලා හිටිය
යන්න ගමනක් නැතුව
බටකොල පෙට්ටිය පතුලෙම

ඉර ගල වැටෙනකොට
කන්දෙ හෙවනැල්ලෙන් වැහුන ගම
කඳු මුදුනෙ පිපුණ‌‌‌ මල් හිටිය බිම බලාගෙන
මල් ගවුම සැරසුනා නුඹෙ පහස විඳගන්න
කන්දටත් නොදැනෙන්න පල්ලන් බැස්ස මම
ජීවිතේ පන් මල්ලෙ ඔබාගෙන

මහ මූහුද ගිල ගද්දි නියපොතු හඳ
මම නුඹට තුරුළු වුනෙ
වැල්ලෙ කළු ගලක් උඩ
පපු කුහරෙ සෙනෙහස පුරෝගෙන

මහ සයුරට හොරෙන් සහෘද මිතුරු කැළ
රැගෙන ආ අමෘතය රසකලා මධුසමය
පා වුනා සිතිජයෙන් ඈතට
සුරඟනක සුර කුමරුන් සමඟ
නැගී දේදුනු ඔරුවක

වෙන්දේසි වුනා සෙනහස
ලුණු මිදුන‌‌‌ සුදු වැල්ලෙ
කීතු කීතු වෙලා තිබුන
රතුපාට මල් පිරුවටේ
නුඹ පෙනෙන්නට නැතත්
හිටි පියරෙ මම හිටිය
පොලිතින් බෑගයක
ඇස් අරන් නිදාගෙන

21- 24- 2022