ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සූ සැට මායම්

සූ සැට මායම්

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
2023-March

මලෙන් සුවද අරන් ඇවිත්
විලෙන් පැහැය අරන් ඇවිත්
සදෙන් සිසිල අරන් ඇවිත්
ඉරෙන් එලිය අරන් ඇවිත්
ගැහැනිය මවලා මහ බඹු
අඩුවක් නැතිවෙන්න ඉතින්

මල් අඩනව සුවද මදිව
විල් අඩනව පැහැය මදිව
සදු අඩනව සිසිල මදිව
ඉර අඩනව එලිය මදිව
ගැහැනිය අරගෙන සේරම
පෙන්නයි දහ අට කෝලම

වරලස ලස්සනට දිගට
චවි කල්‍යානය මොනවට
සුදු පාටැති දත් දෙපලද
තාරුන්‍යය අඩු නැතුවම
දීලත් මහ බඹු ඔක්කොම
පෙන්නයි සිව් සැට මායම

වරලස හැලිලා ගියාට
ලස්සන සම ඇකිලුනාට
දත් දෙපලත් සෙලවුනාට
වයස හැටත් පැන්නුවාට
නොවෙනස් දෙය දන්නවාද
මායම් හැට හතර නේද