ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි මොහොට්ටාල තුමා
2021-August

සසොබන මහතුනට වත් නොමඳ ගරුතර
දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් දර
හිමවන වෙසෙන වැදි අඟනෝ කෙරෙති දර

බෙහෙවින් ගරු කළ යුතු ඉතා යහපත් මහතුන්ට වුවද දිනපතා
වූ පුරුද්ද නිසා අනාදර කෙරෙති. අතිශයින් සුවඳ පැතිරෙන්නා වූ
හොඳ සඳුන් අරටු හිමාල වනයෙහි වාසය කරණ වැදි කාන්තාවෝ
දර පිණිස ගනිති .