ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සීතල හිම බිංදු ….

සීතල හිම බිංදු ….

දීපා ද සිල්වා - ලන්ඩනය
2023-January

තුරු හිස් රිකිලි මත නලියන හිම බින්දූ
මුතු පෙළ විලස දිස්වෙයි ගෙල මත රැන්දූ
බේරෙන විටදි දිය බිදු සීතල කැන්දූ
දෙසවන කොදුරනා විලසයි ගී සින්දූ

සුදු රෙදි පොරවගෙන සිටිනා පාර පුරා
පා සටහන් මැවේ සුන්දර දසුන් අරා
අමුතුම කලාවක අසිරිය ලොවට පෙරා
සීතල පවන් විසිවෙනවා දසත සරා

සේපාලිකා මල් ගිලිහෙන විලාසෙට
හිම කැටි එකින් එක විසි වෙනවා බිමට
මුදු මල් සුවද ඉව කෙරුවද පුරුද්දට
මුව මත නැවතුනේ සීතල වතුර කැට