ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සින්නමුත්තු කොයිබද උඹ?

සින්නමුත්තු කොයිබද උඹ?

පරාක්‍රම නිරිඇල්ල
2021-July

පුංචි කාලෙ මාත් එක්ක පංචා ඇදපු සින්නමුත්තු
මා හොයාන ගුඩු විදින්න හවසට ආ සින්නමුත්තු
කොලු රෑනට එකතු වෙලා බේදබින්න කිසිත් නොදැන
සිංහල ඉස්කොලෙ වත්තෙ
රට අල්ලපු සින්න මුත්තු
උඹ කොයිබක ඉගිලුනාද?

උඹෙයි මගෙයි පුංචි රටේ උඹ උපන්න අපේ ගමේ
අපෙ පංතියෙ ගම්මු රෑන උඹව ගමෙන් එලෙව්වාද?

උඹත් එක්ක එක හවුලේ රට අල්ලපු කොල්ලො රෑන
උඹට තලා එලෙව්වාද?
කඩ පොඩිත්ත ගිනි තියද්දි උඹ යහතින් බේරුනාද?
උතුරුකරේ පැන ගියාද?

රජරට සැදි මහ විහාර
දෙම`ඵන් වැනසූ එපුවත
දෙම`ඵන් මැරු දුටුගැමුණුගෙ
ධීර වීර කතා පුවත
අපෙ ටීචර් කියා දෙද්දි
මා ළඟ උඹ අපහසුවෙන්
හිටි හැටි මට මතක් වෙනවා.

එදා හවස ගෙදර එද්දි – අපි දෙන්නා දෙපිල බෙදී
ඒ පාඩම මුල්කරගෙන – ගහගත් හැටි මතක් වෙනවා.

ගල්කූරෙන් ඇනලා මම – උඹෙ නළලෙන් ලේ ගලද්දි
අසරණ උඹ මහ හයියෙන් – ඇඬු හැටි මට මතක් වෙනවා