ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතුවිලි වැස්ස ….

සිතුවිලි වැස්ස ….

කිවිපති ආසිරි විජේසේකර
2021-December

නොයෙනා නින්දක්
සෞම්‍ය රාත්‍රියක්
පාලුව රජ වුන
තනිවුන මොහොතක්
අදුරු වලාකුළු ගැවසෙන දවසක්
සිතුවිලි වැස්සක තෙමෙමුද වරුවක්

දෙව්දුව සිහිනෙන් එන්න පතන් නැ
ඇසිපිය තවමත් මගෙ පිය වෙන් නැ…..//
පන්හිඳ දොඩමළු වෙනවා කවදත්
මොන මොනවද ලියවෙනවා පිටුවක්

නොයෙනා නින්දක්……

අතිත සැමරුම් මට අමතක නැ
අනාගතය ගැන සිහින දකින් නැ….//
සද නැති අහසට හිරු එන උදයක්
තප්පර පැය යයි හොරාට ගමනක්

නොයෙනා නින්දක් ……